පොහොට්ටුවේ සහයට ගිය ශ්‍රී ලං.නි.ප. මන්ත්‍රීන්ට අල්ලපු අත්තත් නෑ: පයගහපු අත්තත් නෑ

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා ගිය ශ්‍රී ලං.නි.ප. මන්ත්‍රීවරුන්ට පොහොට්ටු පාක්ෂිකයන්ගේ හූ හඬ නිසා පොහොට්ටු වේදිකාවට නගින්න බැරි වී ඇති අතර තම ප්‍රදේශවල ශ්‍රී ලං.නි.පාක්ෂිකයන්ගේ විරෝධයට ලක්වීමට ද සිදුව ඇති බව වාර්තාවෙයි.  මෙයට හේතුවී ඇත්තේ කුමන හේතුවක් නිසාවත් තමන්ට පොහොට්ටුවට සහය දිය නොහැකි බව ශ්‍රී ලං.නි.පාක්ෂිකයන් මන්ත්‍රීවරුන්ගේ මුහුණටම ප්‍රකාශ කිරීම නිසාය.

පසුගියදා තඹුත්තේගම, තලාව, රාජාංගනය හා නොච්චියාගම ප්‍රදේශවල ශ්‍රී ලං.නි.පාක්ෂිකයන් හමුවූ දුමින්ද දිසානායක මහතාට මෙන්ම කුරුණෑගල දිසිත්‍රික්කයේ පාක්ෂිකයන් හමු වු දයාසිරි ජයසේකර මහතාටද ඔවුන් පවසා ඇත්තේ පොහොටටුවට කතිරය ගහන්නට තමන්ට රෙදි ඇඳගෙන හැකියාවක් නැති බවයි. එමෙන්ම ගාල්ලේ ශාන් විජයලාල් සිල්වා හා චන්දිම වීරක්කොඩි මහතාට ද මෙබඳු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවූ බව දැනගන්නට ඇත.

අපගේ ආරංචි මාර්ග කියන්නේ මෙය රටපුරා ශ්‍රී ලං.නි. පාක්ෂිකයන් අතර පොදු ප්‍රවනාතාවක් ලෙස පෙනෙන බවයි. චන්ද්‍රිකා කුමාරතුංග, කුමාර වෙල්ගම ඇතුළු කණ්ඩායමේ වැඩ පිළිවෙලට මෙම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ සහය ලැබෙන ඇතැයි කියති.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *