ගෝඨා යටතේ තිබුණු ආයතන සියල්ලම දැවැන්ත පාඩු ලබන ආයතන බවට පත්වුණා , ඔන්න රට හදන්න එන වැඩකාරයන්ගේ හැටි – ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත

‘එමිරේට්ස්’ ගුවන් සේවය කාලයක් ලාභ ලබමින් ගියා. රාජපක්ෂලාට ඕන වුණා තමන්ට අවශ්‍ය වෙලාවට එහෙ-මෙහෙ යන්න ගුවන් යානයක්. අන්තිමට රාජපක්ෂලාගේ කරදරය නිසා එම ආයතනය රටින් ගියා. ඊට පස්සේ භාරගත්තේ කවුද? ගෝඨාභය යටතට තමයි ඒක ගත්තේ. ඒ ආයතනය දිගින් දිගටම පාඩු ලැබුවා. ‘එමිරේට්ස්’ එක ‘එයාර් ලංකා’ ලෙස තමයි ගෝඨලා පවත්වාගෙන ගියේ. එයාල බලය දාලා යනකොටත් එයාර් ලංකා එක පාඩුයි. ඔන්න වැඩකාරයගේ වැඩ. අපි කියනවා ඒවට උත්තර දෙන්න කියලා. ඊළඟට පටන් ගත්ත ‘මිහින් ලංකා’ කියලා එකක්. හැමදාම පාඩුයි. ඒක මේ රටේ ජනතාවගේ ධනය කාබාසිනියා කරපු ආයතනයක් බවට පත්වුණා. ගෝඨා යටතේ තිබුණු ආයතන සියල්ලම දැවැන්ත පාඩු ලබන ආයතන බවට පත්වුණා. ඔන්න රට හදන්න එන වැඩකාරයන්ගේ හැටි. මේ වගේ අසාර්ථක පාලකයින්ගෙන් සාර්ථක රටක් බලාපොරොත්තු වෙන්න එපා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා එසේ ප්‍රකාශ කළේ පොදු ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහය දීම පිණිස පොළොන්නරුව කදුරුවෙල දී පැවති පැවැත් වූ ජන හමුවකදීය. එහිදී තවදුරටත් කතා කළ ලාල් කාන්ත මහතා මෙසේ ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ තම පාලනය අල්ලන් ගියේ යුද්ධය නිමාකරපු කථාව දිගටම තොරොම්බල් කරමින්. ඒත් ගෝඨාභය රාජපක්ෂලා ඒ ගොඩනගපු මතය බොරුවක් කියලා එතුමාගේ කටින්ම පසුගිය දවසක පැවසුවා. මාධ්‍ය සාකච්ඡාවකදී ගෝඨාභය කිවුවා මමවත්, මගේ අයියවත් නොවෙයි යුද්ධය කළේ කියලා.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු ආයතන කිහිපයක් තිබුණා, එයාගේ නායකත්වය යටතේ. එකක් නාගරික සංවර්ධන අධිකාරිය. ගෝඨාභය කොළඹ ලස්සන කළා කියලා ඒ ගොල්ලන්ගේ කට්ටිය කියනවා. ඒකට හමුදා සෙබළු කීදෙනෙක් යෙදෙව්වාද? 7000ට ආසන්න ප්‍රමාණයක් ඒ වැඩට යෙදෙව්වා. තුත්තිරි ගලවන්න, කාණු ශුද්ධ කරන්න, කුණු අදින්න. එළවළු විකුණන්න. එක එක ජාතියේ වැඩ. එතුමාලා පරාජය වෙලා යනකොට නාගරික සංවර්ධන අධිකාරිය පාඩු ලබන ආයතනයක්. ඔන්න ගෝඨා වැඩකාරයා කියලා කියන අයට හොඳ උත්තරයක්. අපේ අනුර දිසානායක සහෝදරයා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් අමාත්‍යාංශය භාරගන්න කොට ඒ යටතෙ පාඩුවට දුවපු ආයතන තිබුණා. අනුර සහෝදරයා අමාත්‍යාංශය භාර අරගෙන ඉතාම කෙටි කාලයකින් ඒවා ලාභ ලබන ආයතන බවට පත් කළා. එතකොට කවුද වැඞ්ඩ.

‘එමිරේට්ස්’ ගුවන් සේවය කාලයක් ලාභ ලබමින් ගියා. රාජපක්ෂලාට ඕන වුණා තමන්ට අවශ්‍ය වෙලාවට එහෙ-මෙහෙ යන්න ගුවන් යානයක්. අන්තිමට රාජපක්ෂලාගේ කරදරය නිසා එම ආයතනය රටින් ගියා. ඊට පස්සේ භාරගත්තේ කවුද? ගෝඨාභය යටතට තමයි ඒක ගත්තේ. ඒ ආයතනය දිගින් දිගටම පාඩු ලැබුවා. ‘එමිරේට්ස්’ එක ‘එයාර් ලංකා’ ලෙස තමයි ගෝඨලා පවත්වාගෙන ගියේ. එයාල බලය දාලා යනකොටත් එයාර් ලංකා එක පාඩුයි. ඔන්න වැඩකාරයගේ වැඩ. අපි කියනවා ඒවට උත්තර දෙන්න කියලා. ඊළඟට පටන් ගත්ත ‘මිහින් ලංකා’ කියලා එකක්. හැමදාම පාඩුයි. ඒක මේ රටේ ජනතාවගේ ධනය කාබාසිනියා කරපු ආයතනයක් බවට පත්වුණා. ගෝඨා යටතේ තිබුණු ආයතන සියල්ලම දැවැන්ත පාඩු ලබන ආයතන බවට පත්වුණා. ඔන්න රට හදන්න එන වැඩකාරයන්ගේ හැටි. මේ වගේ අසාර්ථක පාලකයින්ගෙන් සාර්ථක රටක් බලාපොරොත්තු වෙන්න එපා.

ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් අහනවා තමන් අතට ගන්න කාර්යභාරය ඉෂ්ට නොකර, ඒවා කාබාසිනියා කරපු වර්ගයේ කට්ටියටද බලය දෙන්න ඕනෑ. නැත්නම් තමන්ට ලැබුණු කෙටිකාලය තුළදී හරි තමන් භාරගත් ආයතන සියල්ල ලාභ ලබන ආයතන බවට පත්කරලා මේ රටේ ජනතාවට ආදර්ශයක් සපයලා රට වෙනුවෙන් අමාත්‍යාංශ අතහැරපු අනුර දිසානායක සහෝදරයාටද ඡන්දය දෙන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් අහනවා. ඒ ගැන හිතාබලා මාලිමාව ලකුණ ඉදිරියේ කතිරය ගසා අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

ම‍නෝජ් රූපසිංහ

ස්තුතිය – ජනතා විමුක්ති පෙරමුණ –  මාධ්‍ය ඒකකයට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *