සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද මහනුවර දී

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (31) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම , සම්මන්ත්‍රණ සහ ජනහමු ඇතුළු වැඩසටහන් රැසකට සහභාගී වේ.

ඒ අනුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය උදේ 8.45 ට මල්වතු මහවිහාරයේදී මල්වතු මහා නාහිමිපාණන් වහන්සේට පිළිගැන්වීම , උදේ 9.15ට අස්ගිරි මහාවිහාරයේදී අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේට ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීම, උදේ 9.45 ට මහනුවර ක්වින්ස් හෝටලයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම , සවස 2.00 ට ප්‍රගතිපුර ක්‍රීඩාංගනය, පුවක්පිටිය , අවිස්සාවේල්ලේදී දෙමළ ප්‍රගතිශීලී සංධානයේ සම්මන්ත්‍රණය , සවස 2.30 ට හොරණ නගරයේ ජන හමුව , සවස 3.00 ට අළුත්ගම කන්දේ විහාරයේදී ආගමිකවතාවත් වලට සහභාගී වීම , සවස 3.30 ට බේරුවල වෙරළ ක්‍රීඩාංගනයේදී ජන හමුව , සවස 4.00 ට පානදුර නගරශාලාව අසල ජන හමුව , සවස 4.30 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී ජන හමුව සහ රාත්‍රී 8.00 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී දෙමළ ප්‍රගතිශීලී සංධානයේ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *