නාමල් ඩුබායිහිදී හිටපු LTTE මූල්‍ය ප්‍රධානී එමිල් කාන්තන්ව හමු වුණේ ඇයි?

උතුරු පළාතේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළී සිටි නාමල් රාජපක්ෂ මහතා පසුගියදා හදිසියේම ඩුබායි රාජ්‍ය බලා ගිය අතර එහිදී ඔහු LTTE සංවිධානයේ හිටපු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානියා වූ එමිල් කාන්තන් නමැත්තාව හමුවී ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම අවස්ථාවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු ප්‍රධානී රවී වෛද්‍යාලංකාර මහතා ද එක්ව සිට ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

එමිල් කාන්තන් සහ රාජපක්ෂලා අතර ඇසුර ඇරඹුණේ 2005 වසරේදී වන අතර ඔහුව රාජපක්ෂ පවුලට හඳුන්වා දුන්නේ ප්‍රකට ව්‍යාපාරික, මව්බිම පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් මහතා විසිනි. ඒ, LTTEයට මුදල් ලබාදී උතුරේ ඡන්දය වර්ජනය කරවා ගැනීම සඳහා ය. බැසිල් රාජපක්ෂ විසින් මුදල් පිරවූ ගමන් මළු රැගෙනවිත් තම නිවසේදීම ඒවා එමිල් කාන්තන්ට ලබාදුන් ආකාරය ටිරාන් අලස් මහතාම පසු කලෙක හෙළිදරව් කළේය. මේ නිසාම රාජපක්ෂ පවුලේ උදහසට ද ලක්වූ ටිරාන් අලස් මහතා පසු කලෙක යළි රාජපක්ෂලා සමඟ සමාදාන වූ අතර අද ඔහු ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයෙහි ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වී සිටී.

මෙම ඡායාරූපය ද එකල ලබාගත් එකක් වන අතර නාමල් සමඟ මෙහි සිටින තට්ටය සහිත පුද්ගලයා එමිල් කාන්තන්ය.

රාජපක්ෂලා 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවත් විවිධ කැබිනට් පත්‍රිකා හරහා මුදල් වෙන්කරමින් LTTEයට මුදල් ලබාදී තිබුණු අතර “රාඩා” ව්‍යාපෘතිය හරහා එසේ මුදල් ලබාදීම පිළිබඳව ටිරාන් අලස්ට එරෙහිව නඩුවක් ද අධිකරණය හමුවේ ගොනු කෙරී ඇත. එමිල් කාන්තන් එම නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙකි. අධිකරණය මඟහරිමින් රටින් පලාගොස් සිටින ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

ඉතිහාසය ඔය ආකාරයෙන් පෙළ ගැසෙන විට නාමල් හදිසියේම එමිල් කාන්තන් හමුවුණේ කුමකටද යන්න පැහැදිලි වනු ඇති.

Info srilanka

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *