ප්‍රේමදාස මැතිණිය තම වයස ගැන වජිරට ඇත්ත කියයි

පසුගියදා ගාල්ලේ පැවැති රැස්වීමක් අවසානයේ කතා බහකදී හේමා ප්‍රේමදාස මැතිනිය සිය වයස ගැන වජිර අබේවර්ධන මහතාට හෙළිදරව් කළේය.

රැස්වීම පැවතියේ ගාලු දිස්ත්‍රික්කයේ එජාප ඡන්ද පොළ 770ක් භාරව සිටින සංවිධායකයන් දැනුම්වත් කොට ඔවුනට උපදෙස් දීම සඳහාය. සෑම ඡන්ද පොළකම ඡන්දය දීමට නියමිත ඡන්දාදායක ලැයිස්තු හා වෙනත් තොරතුරු අඩංගු ලිපි ගොනුවක් සියලු ඡන්ද පොළ සංවිධායකයන්ට බෙදා දෙන ලද්දේ ගාල්ලේ ආරාධනා හෝටලයේ දී ය.

සවස ආරම්භ වු රැස්වීම අවසානයේ සියලු සංවිධායකයන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ලබාදුන්නේ ඇමති වජිර අබේවර්ධන මහතා විසිනි.

මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සහභාගි වුයේ හේමා ප්‍රේමදාස මැතිනියයි. වැඩ සටහන් අවසන වනවිට රාත්‍රී එකද පසුවී තිබිණි. ඒ මුළු කාලයේම ප්‍රේමදාස මැතිනිය ද වජිර අබේවර්ධන ඇමතිවරයා සමග සිටියේය.

සියලු කටයුතු අවසානයේ ප්‍රේමදාස මැතිණිය පිටත්වන්නට හදද්දී වජිර ඇමතිවරයා ඇයට ස්තූති කරමින් කීවේ “මේ වයසේදිත් මෙහෙම ඇවිත් මෙච්චර වෙලා හිටපු එක ලොකු දෙයක්” යනුවෙනි.

‘වජිර හිතන්නේ මගේ වයස දැන් කීයක් කියලාද?” ප්‍රේමදාස මැතිණිය විමසුවාය.

“මැඩම් ගේ වයස කියන්න බෑ. කවදාවත් මැඩම්ගේ වයස පෙනුනේ නැහැ” වජිර කීවේය.

“මට දැන් අවුරුදු අසූ හතරක්” ප්‍රේමදාසමැතිනිය කීවාය.

“එච්චර කියලා නම් කොහොමවත් කියන්න බෑ” වජිර ඇමතිවරයා පිළිතුරු දුන්නේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *