වර්ජනය පාවා දුන්නේ නැහැ – සටන දිනුවා – වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය

මේ වන විට හැම කෙනෙක්ම දන්නවා වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරපු මංගල අයවැය හරහා වැඩකරන පන්තියට ප‍්‍රශ්න රාශියක් ඇති වුණ බව. විශ‍්‍රාම වැටුම් ගැටළුව, දීමනා වැටුපට එකතු නොකිරීම, රජයේ හා පෞද්ගලික සේවකයන්ගේ සේවා කාලය, දිනකට වැඩ කරන පැය ගණන, සේවකයෙක් අනියම් විදිහට සේවයට බැඳුනම ඒ අය ස්ථිර කරන්න කලින් තිබුණෙ දින 180 කින්, එය දින 365 දක්වා වැඩි කෙරුවා. ඒ වගේ ප‍්‍රශ්න ගණනාවක් ඇති වුණා. පොදුවේ සාමාන්‍ය ජනතාවට පොදුවේ ප‍්‍රශ්න ගණනාවක් ඇති වුණා. වාහනවලට දාපු බදු වගේ කාරණා නිසා. බැංකුවලට ලැබෙන ආදායම් අඩු කිරීමට සමහර යෝජනා ඉදිරිපත්වෙලා තිබුණා. ඒක මේ රටේ දුප්පත් අහිංසක මිනිසුන්ටත්, බැංකුවලටත්, බරපතල විදිහට බලපාන කාරාණාවක්. මේ කාරණා විසඳන්න කියල අපි ආණ්ඩුවට කිව්වා. ජනාධිපතිවරයට කිව්වා. අගමැතිවරයට කිව්ව. මුදල් ඇමතිවරයට කිව්ව, රාජ්‍ය පරිපාලන ඇමතිවරයට කිව්වා අදාල අමාත්‍යවරුන්ට කිව්වා. ලිඛිතවත් දැනුම් දුන්නා. ඒ දැනුම්දීම් කෙරුවට නිශ්චිත සාකච්ඡුා අපිත් එක්ක සිද්ධ වුනේ නෑ. අපි විශේෂයෙන්ම සාකච්ඡුාවක් බලාපොරොත්තු වුනේ මුදල් අමාත්‍යාංශයෙන්. අයවැය හදන්නෙ මුදල් අමාත්‍යංශයෙන් නිසා. නමුත් මුදල් අමාත්‍යංශයත් එක්ක කතා කරන්න අපට හැකියාවක් ලැබුණෙ නැහැ.
අපි කල්පනා කෙරුවා බලපෑම් සහගත ක‍්‍රියාමාර්ගයක් නැතුව මේ කාරණය ඉටු වෙන්නෙ නෑ කියල. ඒ මොහොත වෙනකොට වෘත්තීය සමිති 150 ක් පමණ අපිත් එක්ක එකතු වෙලා හිටියා. අපි එකතුවෙලා එකට තීරණයක් ගත්තා වෘත්තීය ක‍්‍රියාමාර්ග ආරම්භ කළ යුතුයි. සංඛේත වැඩවර්ජනයකට යායුතුයි කියල. ඒ අදහස උඩ තමයි විවිධ ක්‍ෂේත‍්‍රවල විවිධ ක‍්‍රියාමාර්ග ගත්තෙ. නගරවල උද්ඝෝෂනය කෙරුව. ක්‍ෂේත‍්‍රවල උද්ඝෝෂණය කෙරුව, අවසානයේ දී කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්තුව. ඒ වන විටත් උත්තර නැති නිසා, අපි තීරණය කෙරුවා අපි තීරණය කළ වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කළ යුතුයි කියල. වැඩ වර්ජනයේ දිනය විදිහට අපි යොදාගෙන තිබුණේ දෙසැම්බර්මාසේ 15 වෙනිදා.
15 වෙනිදා උදේ 7 ට වැඩ වර්ජනය ආරම්භ කරන්න යෝජිතව තිබුණා. සමහර ක්‍ෂේත‍්‍රවල 14 ? 12 ට වැඩ වර්ජනය ආරම්භ කරන්න අපි තීන්දු කෙරුව, ප‍්‍රායෝගික තත්ත්වයන් උඩ. දුම්රිය සේවාව හා බස්රථ සේවාව 14 ? 12 ටත් ආරම්භ කරන්න තීරණය කර තිබුණ. සෞඛ්‍ය සේවාවාවේ සමහර සේවාවන් උදේ 7 ට. සමහර සේවාවන් උදේ 8 ට. වැඩවර්ජන තීන්දු අරගෙන අපි ඉතාමත් සංවිධානාත්මක වුණා. ඉතාමත්ම ශක්තිමත්ව වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන්න සංවිධාන කාර්ය ඉටුකරමිනුයි හිටියෙ. ආණ්ඩුව උත්තරයක් දෙන්නෙ නැත්නම් අපිට බලපෑම් ක‍්‍රියාමාර්ගයකට යෑම හැර, වෙනත් ක‍්‍රමයක් නැති බව අපි රටට කිව්ව. උත්තරයක් දෙනව නම් ප‍්‍රශ්නයක් නැහැ. අපි වැඩවර්ජනය කරන්නෙ අය වැය නිසා ඇති වූ ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා. වෙන කාරණා සඳහා නෙමයි. ඒකට ආණ්ඩුව වාඩිවෙන්නෙ නැත්නම්, අපිට වෙන කරන්න දෙයක් නෑ. එහෙමයි අපි කිව්වෙ.
නමුත් අවසානයේ දී ගිය 12 වෙනි සෙනසුරාදා, ආණ්ඩුව අපිත් එක්ක සාකච්ඡුාවට වාඩි වුණා. අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡුාවක් තිබුණ. ඒ සාකච්ඡුාවට මුදල් ඇමතිවරයා සම්බන්ධ , රාජ්‍ය පරිපාළන ඇමතිවරයා සම්බන්ධ වුණා. අධ්‍යාපන ඇමතිවරයා සම්බන්ධ වුණා. හර්ෂ ද සිල්වා ඇමතිවරයා සම්බන්ධ වුණා. එවැන් අමාත්‍යවරු ගණනාවක් සම්බන්ධ වෙලා හිටිය. කණගාටුවෙන් වුණත් ඒ සාකච්ඡුාව අසාර්ථක වුණා. ඒ සාකච්ඡුාවේ දී අපි ඉදිරිපත් කළ දේවල් කළ හැකිව තිබූ දේවල්. ඒක හින්ද තමයි පස්සේ තීරණය කළේ ඒව කරන්න. නමුත් මුදල් අමාත්‍යාංශයේ ඍණාත්මක සහයෝගයක් තමයි ඒ මොහොතෙ තිබුණෙ. ධනාත්මක සහයෝගයක් තිබුණෙ නැහැ. මුදල් අමාත්‍යාංශයෙන් ආව නිලධාරීන් කිව්වේ එකක් කතාකරන විට ඒක කරන්න බෑ කියල. ඊළ`ග එක කතා කරනකොටත් කිව්වේ, ඒක කරන්න බෑ කියල. මුදල් නෑ කියල තමයි කිව්වෙ. ඒ නිසා සාකච්ඡුාව අසාර්ථක වුණා. අගමැතිවරයා සමහර තීන්දු තීරණ ගන්න හැදුවත් ඒව පස්සට තියන්න සිද්ධ වුණා. සාකච්ඡුාව අසාර්ථක වුණා.
මාධ්‍ය අපි එනතුරු බලා සිටියා, සාකච්ඡුාව අසාර්ථක වුණාම අපි එළියට ඇවිල්ල සාකච්ඡුා කළා. අපි ප‍්‍රකාශ කෙරුවා, සාකච්ඡුාව අසාර්ථක වුණා, අනිවාර්යෙන්ම වැඩවර්ජනයකට යනව කියල, වෙන විකල්පයක් නැති නිසා. නැතුව රටේ විභාගයක් තියෙද්දි ළමයි අපහසුවකට පත්කරන්නවත්, රටේ ජනතාව අපහසුවකට පත්කරන්නවත් අපට වුවමනා නෑ. මගෙ දුවත් විභාගෙ කෙරුව. අපි ඉතා පැහැදිලිවම මේ මොහොතෙ අයවැය සම්මත වෙන්නට පෙර, වෙනස්කම් කළ යුතුයි කියල තමයි අපි තීරණය කළේ. ඊඨ පස්සේ කරන එක අමාරුයි. බැරි කමක් නෑ.  ඕනතරම් අයවැය සංසෝධනය කරල තියෙනව අයවැය සම්මත වුනාට පස්සෙ. ඒක නිසයි අපි කිව්වේ අවසානවර කියවල අයවැය සම්මත වීමට පෙර  වෙනස  ඕනැ කියල.
ඒ අදහසේ ඉඳගෙන අපි ස්ට‍්‍රයික් කරන්න ලෑස්තිවෙන කොට තමයි, අගමැති වරයා නැවත සාකච්ඡුාවට වාඩි වුණේ. ඒ සාකච්ඡුාවට පෙර විවිධ මැදිහත් වීම් අපි කෙරුව. ජනාධිපතිවරයා සමග සම්බන්ධ වුණා. අගමැතිවරයට කතා කළා. ඒ මැදිහත්වීම් කරන්නෙ ප‍්‍රශ්නය බේරා ගැනීම සඳහා. එහෙම මැදිහත්වීම් නැත්නම් රටවල්වල ප‍්‍රශ්න විසඳෙනනේ නෑ. අවසානයේදී යම්කිසි එක`ගතාවයක් ආණ්ඩුව පැත්තෙන් කිව්ව. නැවතත් අපි වාඩිවෙලා කතා කෙරුව. 14 වෙනිදා දවල් 12.30 ට අගමැතිවරය නැවත සාකච්ඡුාවක් කැඳෙව්ව, ඒ සාකච්ඡුාවට අපි වාඩිවුණා, වෘත්තීය සමිති නියෝජිතයන් 10 දෙනෙක් පමණ අපේ පැත්තෙන් හිටිය. ආණ්ඩුව පැත්තෙන් ආයෝජන ප‍්‍රවර්ධන ඇමතිවරය හිටිය, අධ්‍යාපන ඇමතිවරය හිටිය, පරිපාළන ඇමතිවරය හිටිය, මුදල් අමාත්‍යාංශයෙ නිලධාරීන් ඇවිත් හිටියෙ නැහැ. ඒක නිසා තීන්දු ගන්න පහසු වුණා.
අපි ඉදිරිපත් කළ මූලික කාරණා 12 ක් තිබුණ. අය වැයෙන් ඇති කළ හා අය වැයෙන් විසඳාගන්නට අපි ඉදිරිපත් කළ විසඳා ගතයුතු ප‍්‍රශ්න 12 ක් තිබුණා. ඒ ප‍්‍රශ්න 12 ට සාධනීය විසඳුමක් ඉතාම පැහැදිලිව අපිට ලැබුණ. විශ‍්‍රාම වැටුප් කියන කාරණාව හැර, අනික් සියලූම කාරණාවලට සාධනීය, ප‍්‍රමාණවත්, සැලකියයුතු විසඳුමක් ලැබුණ.
එකක් දීමනා වැටුපට එකතු කරන එක. රුපියල් 10.000/- වැටුපට එකතු කරන්න. අපි විතරක් නෙමෙයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් අගෝස්තු මුල් සතියෙ මේක වේදිකාවෙ කිව්ව. සැප්තැම්බර් මාසෙ ඉඳල ගෙවනව කියල. ඒක ප‍්‍රමාද වුණා. ආණ්ඩුව ආර්ථික කාරණා දිගින් දිගටම කියල තීරණය කෙරුව, ජනවාරි ඉඳල රුපියල් 2000/- ක් වැඩි කරනව, ඊළ`ගට ඉතුරු මුදල රුපියල් 8000/- කොටස් දෙකකට වැඩිකරනව කියල. ඒක තමයි ඒ ගොල්ලන්ගෙ තීන්දුව. ඒ කාරණය සම්බන්ධව විසඳුම ලැබුණ. ඊළ`ගට අපි කිව්ව, අග‍්‍රහාර රක්‍ෂණය විශ‍්‍රාමිකයන්ට දෙන්න. දැනට අවුරුදු 60 න් ඉවර වෙනව අග‍්‍රහාර රක්‍ෂණය. ඒක කිසි ගැටළුවක් නැතුව විශ‍්‍රාමිකයන්ට ගෙවන්න තීරණය කෙරුව. ජනවාරි මාසෙ ඉඳල විශ‍්‍රාම යන අයට ඒක ගෙවන්න කියල තීන්දුවක් දුන්න. ඊළ`ගට දීමනාව රු.10000/- දැනට වැඩ කරන සේවකයන්ට රු.2000/- ක් තමයි ජනවාරි ඉඳල ගෙවන්නෙ. රුපියල් 10.000/- විශ‍්‍රාම යන අයට ගෙවන්න තීන්දු කෙරුව. විශ‍්‍රාම යන එයට බරපතල ප‍්‍රශ්නයක් තියෙනව. රු.11.730/ තමයි අවම වැටුප. කම්කරු වැටුප. ඒ වැටුප වැටුප් වර්ධක කිහිපයක් එකතු වුණාම ඒක අරගෙන තමයි පහළම කම්කරු මහත්තයෙක් විශ‍්‍රාම යන්නෙ. නමුත් එයාගෙ දළ වැටුප රුපියල් 30.000/යි. ඒ ගොල්ලන්ට තව දීමනා තියෙනව. 10.000/ක දීමනාවක් තියෙනව. 20% ක දීමනාවක් තියෙනව. ජීවන අංකය අනුව දීමනාව තියෙනව. මේ සේරම ගත්තම රුපියල් 32.000/කට ආසන්න වෙනව. 11.730/ යි වැටුප් වර්ධක උපයා ගත්ත මුදල එකතු කරල එයා විශ‍්‍රාම යනව. ඒක අසාධාණයි. කොහොමද එතකොට එයා විශ‍්‍රාම ගිහිල්ල, සමාජ ආරක්‍ෂණය හදාගන්නෙ? ජිවත් වෙන්නේ?
10.000/- ක් මූලික වැටුපට එකතු කරල තියෙනව, විශ‍්‍රාමිකයන්ගෙ. එක හොඳ තත්ත්වයක්. අනිත් එයට 2000/- යි. අනිත් ඒව කොටස් දෙකකට. රුපියල් 2500/ ක පුද්ගලික අංශයට වැටුප් වැඩිවීමක් ආණ්ඩුව, එක`ග වුණා දෙන්න අතුරු අය වැයෙන් ඒක ක‍්‍රියාත්මක වුනේ නෑ. ඒක වහාම ක‍්‍රියාත්මක කරන්න නීතියක් ගේන්න කියල, ඒකට නීතියක් ගෙනල්ල, 2016 මැයි මාසේ සිට මේක ක‍්‍රියාත්මක කරන්න තීරණයක් ගත්ත. ඊළ`ගට පැය 8 ක වැඩ දියනක් වෙනුවට, පැය 9 ක වැඩ දියනක් ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කරල තිබුණ. අපි කිව්ව මේක ඓතිහාසික වැරැුද්දක්. ඒ නිසා ඓතිහාසික වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කරනව කියල අපි කිව්ව. ආණ්ඩුව ඒ මොහොතෙම තීරණය කරල පැය 8 ස්ථාවර කෙරුව.  ඊළ`ගට ඒ ගොල්ල තීරණය කරල තිබුණ සේවකයෙක් අනියම් විදිහට කොන්ත‍්‍රාත් පදසම බඳවා ගත්තොත් පුරප්පාඩු තියනවා නම්, ඔහුගේ සුදුසුකම් සම්පූර්ණ කරල තියෙනව නම්, දින 180 කින් ස්ථිර කරන්න.  මේ කාලය අය වැයෙන් දින 365 ක් වසරක් දීර්ඝ කරල තිබුණ. අපි කිව්ව මේක වැරදියි අනිවාර්යෙන්ම අවළංගු කරන්න කියල. ඒ නිසා ඒක අවලංගු කරන්න තීරණයක් දුන්න. දැන් දින 180 ස්ථාවරයි. රජයේ සේවකයන්ගේ මූලික වැටුප අඩුයි. දීමනා සහිත වැටුප වැඩියි. රජයේ සේවකයෙක් බැංකු ණයක් ගන්නකොට දෙන්නෙ මූලික වැටුපට. දල වැටුපට දෙන්නෙ නෑ. 11,730 ට හදනව කම්කරුවෙක් නම්, 32,000 ට නෙමෙයි හදන්නෙ එතකොට ඒ ණයෙන් වැඩක් නෑ. අද තත්ත්වයක් එක්ක බැලූවම. අපි කිව්ව දල වැටුපට මේ බැංකු ණය ගණනය කරන්න කියල. දල වැටුප බැංකු ණය ගණනය කරන්නත් තීරණයක් ගත්ත. වාහන බදු සහ අනිකුත් කාරණා, දුම් පරීක්‍ෂණ ගාස්තුව රු. 1100/- ට තිබුණ එක රු. 5000/- දක්වා වැඩි කරල තිබුණ. අපි කිව්ව ඒක වහාම අවලංගු කරන්න කියල, රු.1500/- දක්වා ඒ ගාස්තුව අඩු කෙරුව. ලීසින් පහසුකම් ගන්නකොට වාහන තක්සේරු ගාස්තුවක් නියම කරල තිබුණ. වාහනවලට රු.25000/-ක්. ඒක 5000/- ක් දක්වා අඩු කරන්න තීණය කෙරුව. ත‍්‍රීවීල් වලටත්, මෝටර් සයිකල් වලර ඒක රු.3000/- දක්වා අඩු කරන්න තීරණය කෙරුව. මේ රටේ ලක්‍ෂ 24 ක් පමණ මෝටර් සයිකල් හිමියන් ඉන්නව. ඒ ලක්‍ෂ 24 ටම අපි දැඩි ලෙස බලපාන ලද සහනයක් අරගෙන දීල තියනව. ත‍්‍රී වීල් රියදුරන්ටත් ඒ සහනය අරගෙන දීල තියෙනව. වාහනයක් අයිති හැමෝටම ඒ සහනය අපි අරගෙන දීල තියෙනව. මේක ඓතිහාසික ජයග‍්‍රහණයක් ජනතාවගෙ පැත්තෙන් ගත්තම. අපිට හැකි වුනා අයවැය සංසෝධනය හරහා සහන අරන් දෙන්න. වාහන බද්දක් තිබුණ 25% ක. ඒ වාහන බද්ද 15% දක්වා අඩු කෙරුව. ජයග‍්‍රහණ රාශියක් අපි අරගෙන තියෙනව, සාමාන්‍ය ජනතාවගෙ හා වැඩකරන ජනතාව පැත්තෙන්. ඉතුරු වුප එකම එක ප‍්‍රශ්නය තමයි විශ‍්‍රාම වැටුප් ප‍්‍රශ්නය. ආණ්ඩුව යෝජනා කරල තිබුණෙ දායක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්. දායක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය 2002 දි ගෙනාපු වෙලාවෙදි  අපිට අත්දැකීමක් තියනව මාසික විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් වුනේ නෑ එය. සේවක අර්ථසාධක අරමුදලටයි, සේවක භාරකාර අරමුදලටයි මුදල් කැපුව රජයේ සේවකයන්ගෙන්. ඊළ`ගට වැන්දඹු අනත්දරු විශ‍්‍රාම ක‍්‍රමයට මුදල් කපනඑක නතර කෙරුව. ඒක දැනුත් 6% සිට 7% දක්වා කපනව. වැන්දඹු අනත්දරු විශ‍්‍රාම වැටුප අහෝසි කරල, දායක විශ‍්‍රාම වැටුප් කියන එක 2002 දි ක‍්‍රියාත්මක වුනේ. ඒ නිසායි අපි කිව්වේ මේ යෝජනාව හරහා විශ‍්‍රාම වැටුප් අහෝසි වෙනව කියල අපි කිව්වේ. ආණ්ඩුව සාකච්ඡුා කරල, මාසිකව ගෙවන විශ‍්‍රාම වැටුපකට අපි එක`ග වෙනව කියල තීරණයකට ආවා. එහෙත් දායක කියන යෝජනාව ඉවත් කරගන්න ආණ්ඩුව කැමති වුනේ නෑ. අපිට දැන් ප‍්‍රශ්නයක් ඉතුරුවෙලා තියෙනව. මාසික විශ‍්‍රාම වැටුප් ගෙවන ක‍්‍රමයකට එක`ගවීම අපිට සහනයක්. ආණ්ඩුව කිව්වේ ඇමතිවරුන් හා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරල, වඩාත් හොඳ තීන්දුවක් ගම්මු කියල තීරණය වුණා. එතකොට ප‍්‍රශ්නයක් ඉතුරු වුණා. අනිත් ප‍්‍රශ්නවලට සැලකියයුතු විසඳුමක් ලැබුණ. අපි එළියට ඇවිත් කතාකෙරුව මොකද කරන්නේ කියල, සියල්ලන්ගෙම අදහස වුණේ මේ වර්ජනය තාවකාලිකව නතර කළ යුතුයි, නතර කරල ආණ්ඩුවට ඉඩ දිය යුතුයි මේ කරපු වෙනස්කම් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන්න. විශ‍්‍රාම වැටුප් පිළිබඳව අපේ අරගලය දිගටම අරගෙන යායුතුයි, පළමුව සාකච්ඡුා. විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග වලට යන්න  ඕන කියල තීරණය කෙරුව. ඒ ක‍්‍රියාමාර්ග වලට යායුතුයි. ඒ තීරණය අපි ගත්තා. අරගෙන රටට ප‍්‍රකාශ කෙරුව. දැන් අපි වර්ජනය අත්හිටුවල තියෙනව. ආණ්ඩුව පැත්තෙන් වගකීමක් තියනව එක`ග වූ දේවල් ක‍්‍රියාත්මක කරන්න. සමහර කාරණා අයවැයට සංසෝධන. සමහර කාරණා අයවැයට අදාල නෑ. දීමනා වැටුපට එකතුවිය යුතුයි කියන කරුණ චක‍්‍රලේඛයක් පමණයි නිකුත් කළ යුත්තෙ. එය කළ යුත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මුදල් ආමාත්‍යාංශයේ උපදෙස් මත. අයවැයට සම්බන්ධ කාරණාත් තියෙනව. පැය 9, දින 365,  වගේ ඒව. අග‍්‍රහාර රක්‍ෂණය අයවැයට අදාල නෑ. චක‍්‍රලේඛයක් මගින් කළ හැකියි. අපි කියන්නේ ප‍්‍රමාද නොකර මේ කටයුතු කරන්න කියලයි. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට අපි කියනව ප‍්‍රමාද නොකර මේ වැඬේ කරන්න සහයෝගය දෙන්න කියල. මේ වැඬේ කඩාකප්පල් වුණොත් උත්තරේ නැවත වැඩවර්ජනයක් විතරයි. අපි සාකච්ඡුා කරල බැරිවුණොත් තමයි ක‍්‍රියාමාර්ගවලට යන්නෙ. එවැනි තැනකට අපි පත්කරන්න එපා කියල අපි මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ට කියනව. සමහර නිලධාරීන් අගමැතිවරයට කියන්නෙ බෑ. බෑ. බැ. කියන එකයි. ඒ ගොල්ල අග‍්‍රහාර රක්‍ෂණයෙන් මුදල් ඇදපු අය. ඒ ගොල්ල හදන්නෙ ගැටුම් නිර්මාණය කරන්න. ඒ ගොල්ල එතනින් ඉවත් කරනවනම් හොඳයි කියන එකයි අපේ අදහස.
රටේ මේ කාරණාව ගැන අදහස් දෙකක් තියනව. ජනතාවගේ පැත්තෙන් මේක ජයග‍්‍රහණයක් කියන අදහස තියෙනව. මාධ්‍ය බහුතරයක් මේක ජයග‍්‍රහණයක් කියල දැක්ක. එක්කෙනෙක් දෙන්නෙක් හදනව මේක පාවාදීමක් විදිහට අර්ථ දක්වන්න. අපි මේක ආණ්ඩුවත් එක්ක එකතුවෙලා පාවාදුන්න කියල. මොළේ අමාරු තියන අය තමයි එහෙම අර්ථ දක්වන්න උත්සාහ කරන්නෙ. ඒ ගොල්ලන්ට නියම තැන අංගොඩ වගේ තැන්. එයාලා ඒ තැන්වලට ගිහින් ප‍්‍රතිකාර ගන්නවනම් හොඳයි.
අපි ඉල්ලීම් 12 ක් ඉදිරිපත් කෙරුව. 12 න් 11 කට සැලකියයුතු මට්ටමේ විසඳුම් ලැබුණ. එකකට අපි අපේක්‍ෂාකරන ප‍්‍රමාණයෙන් ලැබුනෙ නෑ. කොටසක සහනයක් ලැබුණ මාසික විශ‍්‍රාම වැටුප් කියල. 60% ක් ආණ්ඩුව එකතු වුණත් ඒක වෘත්තීය සමිති ජයග‍්‍රහණයක් ලෙස තමයි සලකන්නේ. ඒක තමයි සම්ප‍්‍රදාය. අපි ඊටත් වඩා ඉස්සරහට ගිහින් තියෙනව. එහෙමනම් අපි ඇයි වර්ජනය කරනනෙ. ඒ ගොල්ල කියනනේ වර්ජනය කරන්න කියල. ඒයාල අහනනේ ඇයි අපි වර්ජනය නොකළෙ කියල. සමහරු අහනව ඇයි වැඩවර්ජනයක් ප‍්‍රකාශයට පත්කළේ කියල. ආණ්ඩුව අලූත් මාස තුනයි කියනව. ඇයි ආණ්ඩුව අපහසුවට පත්කරන්නෙ කියල. ඔය දෙකම කරන්න අපි ලෑස්ති නෑ. ඔය දෙකම අපිට අදාල නෑ. අපිට අවශ්‍ය ඇති වෙච්ච ප‍්‍රශ්නය විසඳගන්න. අපට ඇති කරපු ප‍්‍රශ්නය තමයි අයවැයෙන් ඇති වූ ගැටළු. අපිත් එක්ක සාකච්ඡුා කරල එක`ග වෙනවනම් අපි ආණ්ඩුවට ඉඩ දෙනව මේ ආණඩුවට විතරක් නෙමයි කොයි ආණ්ඩුවටත් එහෙමයි.

මනෝජ් රූපසිංය.    

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *