සාගල – ගෝඨා කපුකම කරන්නේ කාවන් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමීපතම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් තම පක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිගටම ප්‍රචාරය කරමින් සිටින අතර මේ කතාවට පාදක වන්නේ අමාත්‍ය සාගල රත්නායක මහතා බවට මේ වනවිට කරුණු ඉදිරිපත් වෙමින් තිබේ. 

ඒ අනුව සාගල රත්නායක මහතාව ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සම්බන්ධ කිරීමේ කපුකමෙහි නිරත වී සිටින්නේ සාගලගේ සොයුරු කාවන් රත්නායක මහතා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

කාවන් රත්නායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳගේ පාර්ශ්වයෙන් ඥාතීත්වයක් තිබීම ද මීට බලපා ඇති බව සඳහන්. 

කෙසේවෙතත් මේ දේශපාලන දීගය ද සිදුවන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය වසර හතරක් තුළ නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධ සමීකරණය විසඳෙනු ඇත. එනම්, එවකට අධිකරණ ඇමතිවරයාව සිටි විජේදාස රාජපක්ෂ සහ එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශ (FCID) ප්‍රධානී රවී වෛද්‍යාලංකාර යන දෙදෙනාම මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් එළිපිටම මැතිවරණ කටයුතුවල යෙදී සිටින අතර අඩුවට සිටින්නේ එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වූ සාගල රත්නායක මහතා පමණි. 

LANKANEWSWEB



Leave a Reply

Your email address will not be published. Required fields are marked *