දෙමළ ජාතික සන්ධානය නිශ්ක්‍රීය කරන්න රහසිගත මෙහෙයුමක්

ජනාධිපතිවරණයේදී ඡන්දය දීමෙන් වැළකීසිටීමට දෙමළ ජාතික සන්ධානය පෙළඹවී සඳහා රහසිගත මෙහෙයුමක් දියත්වී ඇති බව තතු දත් ආරංචි මාර්ග මගින් ‘යුක්තියට’ වාර්තාවෙයි. තමන්ගේ බලපෑමට ලක්කළ හැකි පිරිස් මගින් නායකත්වයට බලපෑම් කොට සිංහල අපේක්ෂකයන්ට ඡන්දය නොදීමේ තීරණයක් ගැනීමට පෙළඹවීම මෙම හෛයුමේ අරමුණ බව කියති. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ හා වෙනත් තනතරුවල  සිටි පිරිසක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටින බව කියති.

දෙමළ ජාතික සන්ධානය පක්ෂ කිහිපයක පෙරමුණක් වන නිසා එම එක් එක් පක්ෂයට වෙන වෙනම බලපෑම් කිරීමට ක්‍රම හා පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් මගින් මෙම සැලසුම ක්‍රියාත්මක කරන බව දැනගන්නට ඇත. ඒ සඳහා විශාල මුදලක් ද වියදම් කිරීමට කටයුතු කොට ඇති බව කියති. මුදලට නම්මා ගත හැකි පිරිස එලෙස නම්මා ගැනීමට කටයුතු කරන අතර වෙනත් එක් එක් අය සමග කතා කිරීමට හා සම්බන්ධතා පැවැත්වීමටද ක්‍රියාකාරීන් යොදවා ඇති බව කියති.

මෙය එල්.ටී.ටී.ඊ.ය සමග රහස් ගිවිසුමක් මගින් දෙමළ ඡන්ද වර්ජනයක් ක්‍රියාත්මක කොට රනිල් වික්‍රමසිංහ හතා පරාජය කළ 2005 රහස් ගිවිසුම වැනිම උපාය මාර්ගයක් බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *