එක්සත් වාමාංශික පෙරමුණ අනුරගෙන් සජිත්ට

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයදීමට කලින් තීරණය කොට සිටි එක්සත් වාමාංශික පෙරමුණ ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමකදී ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය කොට ඇති බව වාර්තාවෙයි.

නීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රධාන ලේකම් ධුරය දරණ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඊයේ පැවැති රැස්වීමේ දී එහි බහුතරය වු තිස් දෙනෙකුගේ සහයෙන් යෝජනා සම්මත වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමටයි. ලාල් විජේනායක මහතා ඇතුළු විසිහතර දෙනෙකු එයට එරෙහි වී ඇත.

මෙම තත්ත්වය යටතේ පක්ෂයේ බෙදීමක් සිදුවී ඇති අතර එය කණ්ඩායම් දෙකක් ලෙස වෙන වෙනම ක්‍රියාකරන තත්ත්වයක් ඇති වී තිබෙන බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *