ගොවීන් සියදිවි නසාගන්න හේතු ප‍්‍රකාශ කරන්න මරණ පරීක්‍ෂකවරුන්ට තහනම් – ප‍්‍රගතිශීලි ගොවි සංවිධානයේ කැඳවුම්කරු කවුඩුල්ලේ ජයතිස්ස

2000 අපේ‍්‍රල් මාසයේදී පමණක් 22 දෙන්නෙක් සියදිවි නසාගත්තා ගොවි ණය ප‍්‍රශ්න නිසා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බලමණ්ඩලයේ සභාපතිකෙනෙකුත් වහබීල මැරුණ. ඒ අයගෙ බිරිඳ, දරුවො කිව්වේ මේ අය මැරුනෙ ගොවි ණය හින්ද. අපි ඇත්ත කතාකරන්න  ඕනැ. මිනිය අපිට දෙන්නැතුව අරන් ගියත් කමක් නෑ. බොරු වාර්තා ලියන්න එපා කියල.

වී හා අනෙකුත් කෘෂි භෝගයන් සඳහා රජයට සහතික මිලක්, එහෙමත් නැත්නම් ස්ථිර හෝ නියම කළ මිලක් දෙන්න බැරි ඇයි?

රජයකට රටේ සමස්ථ අස්වැන්න මිල දී ගැනීමට හැකියාවක් නැහැ. වී අලෙවි මණ්ඩලය පැවති කාලයේදිත්, එය හොඳින් ස්ථාපිත වෙලා තියෙන අවදියෙදිත් රජයට මිල දී ගැනීමට හැකිවුනේ 10% ක පමණ ප‍්‍රමාණයක්.  එක කන්නකදි පමණක් 15% ක් මිලදී ගෙන තියෙනවා. එය මෙතෙක් මිලදී ගෙන ඇති උපරිම ප‍්‍රමාණයයි. රජයට සහතික මිලකට රටේ මුළු අස්වැන්න මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. මේ කාලේ සමූපකාරයත් ප‍්‍රාණවත්ව තිබුණ යුගයක්්. සමූපකාරය මගිනුත් ඔවුන්ට හැකි උපරිම වශයෙන් මිලදීගැනීම් කෙරුව. ගොවි ජනතාව සමූපකාරයට වී විකුණන්න වැඩි කැමැත්තක් දැක්වුවා. පුද්ගලික අංශයත් තරගකාරීව වී මිල දී ගැනීමේ යෙදුනා.

පුද්ගලික අංශයේ වී මිල දී ගැනීම දිරිමත් කරනව නම්, එයට යම් ක‍්‍රමවේදයක් ඇති කරනව නම් ඒ තුළින් ඇතිවෙන තරගකාරීත්වය තුළින් වී වලට සාධාරණ මිලක් ලබාදීමේ උත්සහයක් ගන්න රජයට පුලූවන්.    අස්වැන්න කලකට පෙර අස්වැන්න නෙලන කාලවලදී මරදගහමුල වී මෝල් හිමියන්ගේ ලොරි හිමිදිරි උදයේම ගොවි ජනපදවලට එනවා. ඔවුන් ආපසු යන්නේ ඔවුන් එන ලොරිවල වී මලූ පුරෝගෙන. (වී ලෝඞ් එකක් ගහගෙන) එහිදී වෙලෙඳ පොලේ සහල් මිල අනුව, වී වල ඉල්ලූම සැපයුම අනුව මිල තීරණය වුනා. අද එය නැවතී තියනව. මරදගහමුල සහල් ව්‍යාපාරය අද බිඳ වැටිල.

රටේ වී වෙලඳ පොළ පාලනය කරන්නේ ප‍්‍රධාන පෙළේ දේශපාලඥයකුගේ සහෝදරයෙක්ගේ හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, මෙන්ම වත්මන් පාර්ලිමේන්තුවෙ මන්ත‍්‍රීවරයෙක්ගෙ සහල් මෝල් ව්‍යාපාර මගින් කියන මතයේ සත්‍යතාවක් තියනවද?

එදා වී මිලදී ගෙන සහල් කිරීමේ ව්‍යාපාරය තිබුණේ කුඩා ව්‍යාපාර විදිහට. ව්‍යපාරිකයන් 7500 ක් පමණ එම කටයුත්තෙ නිරතව හිටියා. එම කුඩා සහල් නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් හා මරදගහමුල සහල් නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් තරගකාරීව වී මිලදී ගැනීම නිසා වීවලට හොඳ වෙලඳපොළක් ඇති වුණා. කුඩා පරිමාණ ව්‍යාපාරිකයා බැංකුවලින් ගත් ණය ගෙවීම් අතපසු කිරීම නිසා එම වී මොල් වැඩි දියුණු කිරීමට බැංකු මගින් සහයෝගයක් ලැබුණෙ නෑ. එහෙත් මහා පරිමාණ වී මෝල් හිමියන්ට බැංකු මගින් විශාල වශයෙන් ණය ලැබුණා. ඔවුන්ට එසේ ණය ලැබීමට ඔවුන්ගේ දේශපාලන හයියත් බලපාන්න ඇති. ඔවුන්ගේ වී මෝල් අති නවීන තාක්‍ෂණය අනුව දියුණු මට්ටමකින් පවත්වාගෙන ගියා. ඒ වගේම ඔවුන්ගේ කළමණාකාරීත්වයේ දක්‍ෂතාවය හා නවීනත්වය කරා යාමේ ප‍්‍රවණතාවයත් මේ දියුණුවට බලපෑව. ඒ තුළින්ම ඒකාධිකාරයක් ගොඩ නැගීම සිදුවුණා. මේ තත්ත්වය නිසා සුළු පරිමාණ සහල් නිෂ්පාදකයන් විනාශ වුණා. 7500 ක් පමණ සිටිය සුළු හා මධ්‍යපරිමාණ සහල් නිෂ්පාදකයන් 100 ක ප‍්‍රමාණයක් දක්වා අඩුවුණා.

එහෙත් ඔවුන්ට සාචාරාත්මක අයිතියක් නැහැ ගොවියා හා සුළු වී මොල් හිමියන් පීඩනයට පත්කරමින් ව්‍යාපාර කරගෙන යාමට. අද ඔවුන් ඉතාම ප‍්‍රබල තැනක ඉන්නවා. ඔවුන්ගේ වත්කම් කොතෙක්ද කියා ගණනය කිරීම පවා අපහසු ඇති. අපි ගොවි තැන සම්බන්ධ ව්‍යාපාර ගණන්ගන්නේ සෙසු අනෙක් ව්‍යාපාර ලෙස නෙමයි. ඔවුන් සදාචාරත්මක හා හෘදයාංගම බැඳීමකින් ගොවියා සමග කටයුතු කරයි කියල බලාපොරොත්තු වෙනව. ඒ ශික්‍ෂණය ඔවුන් විසින්ම හදාගත්තොත්, ලාබ උපයා ගන්නා අතරම ගොවියා ශක්තිමත් කරමින්, දිරිගන්වමින් කටයුතු කිරීමේ හැකියාවක් තියන බවයි මම අදහස් කරන්නෙ.

7500 ක් පමණ සිටි සහල් ව්‍යාපාරිකයන් 100 ක් පමණ දක්වා පහළ බැස්සා නම්, ව්‍යපාරිකයන් 7400 ක් විනාශ වී තියෙනව. මේක විශාල ප‍්‍රතිශතයක්. මේ තත්ත්වයෙන් ගොඩඒමට ඔවුන් කළ අරගලය කුමක්ද?

සුළු පරිමාණ ව්‍යාපාරිකයා මීට විරුද්ධව සටන් කෙරුව. අපිත් ඒ සටනට දායක වුණා. මෙම තත්ත්වයට මුහුණදීමට නොහැකිව ව්‍යාපාරිකයන් 5 දෙනෙක් සියදිවි නසා ගත්තා. කීප දෙනෙක් මේ ගැන කල්පණාකිරීමෙන් ඇති වූ රෝගී තත්ත්වයන් මත හෘදරෝගයෙන් මියගියා. අපි මේ තොරතුරුත් රැුගෙන අපි රජයත් සමග සාකච්ඡුා කෙරුව. මුදල් අමාත්‍යංශයේ ලේකම් ජයසුන්දර මහත්තයත් එක්කත් සාකච්ඡුා කෙරුව. එයින් සහන කීපයක් ලැබුණ. ඔවුන් අරගෙන තියෙන ණය බොල් ණය ලෙස කපාහැරීමක් සිදු කෙරුව. තවත් සමහර ණය පොලී අඩුකර වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව සලසල දුන්නා. ඒවා ස්ථිර තීන්දුවකට මෙන්ම පූර්ණ විසඳුමකට තුඩු දුන්නෙ නැහැ. ව්‍යාපාර ප‍්‍රණවත් කරන වැඩපිළිවෙලකට ආවෙ නැහැ.

මෙම ව්‍යපාරිකයනුත් වැරැුද්දක් කෙරුව. ඔවුන්ට ලැබුණ ණය නිසි පරිදි කළමනාකාරිත්වයක් කළේ නෑ. ඔවුන් වෙන වෙන ආයෝජන කරන්න ගියා. ඒවත් මෙම ප‍්‍රශ්නයේම කොටසක්. බැංකු කුඩා ව්‍යාපාරිකයට උදව් නොකරන තැනට වැටුණ. මහා පරිමාණ ව්‍යාපාරිකයා බැංකු සමග විශ්වාසයෙන් කටයුතු කෙරුව.

මේ තත්ත්වයෙන් ගොඩ ඒමට විකල්ප මාර්ගයක් ඇති කර ගත නොහැකිද?

ගොවියා විසින්ම වී අස්වැන්න සහල් බවට පරිවර්තනය කර, සහල් වෙළඳ මධ්‍යස්ථානයක් තුළින් බෙදාහැරීමක් සිදුකරනව නම්, මේ තත්ත්වයට පිළියමක් යොදන්න පුලූවන් කියලයි මා අදහස්කරන්නෙ. දඹුල්ල එළවලූ වෙළඳ පොළ උදාහරණයකට ගත්තොත්, ගොවියා තමාගේ එළවළු අස්වැන්න එම ස්ථානයට ගෙනල්ල, එම දිනයේ වෙළඳපොල මිල විමසීමක් කරල, තමන්ගෙ එළවළු ටික අලෙවි කරනව. එතන එළවළු කිරණ කෙනාට තියෙන්නෙ සුළු ලාභයක් පමණයි. එය සුළු කොමිෂන් එකක්. අපි යෝජනා කරන්නෙ සහල් වලටත් එවැනි වෙළඳපොලක් හදන්න. පොළොන්නරුව, අම්පාර, කුරුණෑගල, කන්තලේ, වව්නියාව ඇතුළු වී ගොවිතැන විශාල වශයෙන් කෙරෙන පළාත්වලට එක මධ්‍යස්ථානය බැගින් හැදුවොත් මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙනව. අතරමැදියාගෙන් තොරව පාරිභෝගිකයාටත් සධාරණ මිලකට සහල් ලැබෙනව. ගොවියත් රැුකෙනව. ව්‍යපාරිකයාත් රැුකෙනව. කුඩා ව්‍යාපාරිකයට, සහල් නිෂ්පාදකයට ආරම්භයේදී ආණ්ඩුව යම් දිරිදීමක් කළ යුතුයි. එවිට සහල් ඒකාධිකාරය බිඳවැටෙනව.

කොළඹ වෙළෙඳපොලේ තියෙන හොඳම හාල තමයි බඩබත් කියන එක. මේක ගොවියාට 45 බැරල් එකේ නිවසේදීම නිෂ්පාදනය කරන්න පුලූවන්. මේ සහලට හොඳ ඉල්ලූමක් තියනව. මෙම බත්වල රසයට පාරිභෝගිකයන් කැමතියි. ගබඩාවල කල්පවතින්න වස ගහල, කෘමින්ට තෙල් ගහල තියන වී වලින් නිපදවන සහල් වලට වඩා මෙය සෞඛ්‍ය සම්පන්නයි. දැනට වෙළඳපොලට එන්නේ වසර එකහමාරක් ගබඩාවල පරණ, කෘෂි රසායනික ද්‍රව්‍ය ගහපු වී වලින් එන සහල්. ලේබල් සහිත උරවල එන සහල් බොහොමයක් එහෙමයි. අපි යෝජනා කරන ක‍්‍රමයේදී මේ කන්නයේ අස්වැන්න ඉදිරි හයමාසය තුළ පරිභෝජනය වෙනව. වස විෂත් නැහැ. රසයෙනුත් වැඩියි. මම දැනට කරන්නේ මගේ කුඹුරේ අස්වැන්න ගෙදර තම්බලා පිට මෝලකින් කොටල වෙළඳ පොළට නිකුත් කරන එක.

මරදගහමුලට තමයි සහල් වෙළඳපොල කේන්ද්‍රගත වී තිබුණේ. විශේෂයෙන් උතුරුමැද පළාතෙ වී නිෂ්පාදනය මිලදී ගත්තෙ මරදගහමුල වී මෝලි හිමියන්. අදටත් ඒ තත්ත්වය එලෙසින්ම තියෙනවද?

නෑ. අදවන විට එම ව්‍යාපර ගොඩක් දුරට කඩාවැටිල තියෙනව. සහල් වෙළඳපොළ ඒකාධිකාරය කිහිප දෙනෙක් අතට පත්වෙද්දි ඔවුන්ගෙන් ඉහළට ගිය පිරිසක්  වෙනත් ව්‍යාපාර සඳහා කල්ඇතිව යොමු වුණා.  සමහරු පිට රටින් භාණ්ඩ ආනයනය කරන්න පටන් ගත්තා. අරුණසිරි ටේ‍්‍රඩර්ස් වැනි අය පිටරටින් ට‍්‍රැක්ටර් ආනයනය කරන්න පටන් ගත්තා.

අනික් අතින් ව්‍යාපාරිකයන්ට ඒක නිදහසේ කරගෙන යන්න දුන්නෙ නෑ. ඔවුන් වී මිලදී ගැනීමට පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට එනවිට වී ඒකාධිකාරිකයන් විසින් හබරණ දි එම ලොරිවලට පහර දෙන්න පටන් ගත්තා. ඔවුන් ජීවිතාරක්‍ෂාවට වී මිලදී ගන්න පොළොන්නරුව, කන්තලේ පලාත්වලට ගියේ නැහැ. කීපදෙනෙක් එකතුවී දේශපාලන හයියෙන් කරන ලද  තර්ජන, උපක‍්‍රම හේතුවෙන් සුළු ව්‍යාපාරිකයන් වැටුණා. මරහදගහමුල සහල් නිෂ්පාදකයත් විනාශ වුණා. කිහිප දෙනෙක්  වී මිලදී ගැනීමේ ඒකාධිකාරයක් හා සහල් වෙළඳපොළ ඒකාධිකාරයක් ගොඩනගා ගත්තෙ එහෙමයි.

මීට කලකට පෙර දකින්න ලැබෙන දෙයක් තමයි කන්න අස්වැන්න නෙලාගැනීමත් සමගම බලාපොරොත්තු සුන්වූ ගොවියන්, ණය බරින් ගොඩ ඒමට නොහැකිව සියදිවි නසාගැනීම. පොළොන්නරුව, ජයන්තිපුර, හි`ගුරක්ගොඩ, මැදිරිගිරිය රෝහල් කරා වස බී දිවි නසාගැනීමට තැත්කළ ගොවියන් කන්නක් අවසානයේදී නිතරම වගේ රැුගෙන එනව. එයින් එහෙමත් කෙනෙක් තමයි ජීවිතය ගලවා ගන්නෙ. මේ කණගාටුදායක තත්ත්වය අදටත් පවතිනවද?

තාමත් මේ ගොවි ප‍්‍රශ්න නිසා දිවි නසා ගැනීම් වෙනව. පැවති ආණ්ඩු මේ ප‍්‍රශ්නයට පිළියම් හෙව්ව එක නෙමයි කෙරුවෙ, ගොවි ප‍්‍රශ්න නිසා සියදිවි නසා ගත්ත අයගේ මරණ පරීක්‍ෂණ වාර්තාවල මරණයට හේතුව වෙනස් කිරීමයි. ගොවි ප‍්‍රශ්න නිසා කෙනෙක් දිවි නසාගත්තොත් ඒ බව හදිසි මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් නොකර එය පවුල් ප‍්‍රශ්නයක් නිසා හෝ වෙනයම් ප‍්‍රශ්නයක් නිසා සිදු වූ මරණයක් ලෙස සඳහන් කරන ලෙස ඔවුන්ට ඉහළින් බලපෑම් කර තියෙනව. මේ බව මටත් කරුණාරත්න ගමගේ පොළොන්නරු දිස්ත‍්‍රික් මාධ්‍යවේදියාටත් පැවසූවේ මරණ පරීක්‍ෂකවරයකු විසින්මයි. මේක අතීසාරයට අඹුඩෙ ගැහුව වගේ වැඩක්. 2000 වසරේ අපි උපවාසහක් කෙරුවා මේ සියදිවි නසාගැනීමේ තත්ත්වයට පත්වීම ගැන සොයලා විසඳුම් දෙන්න කියල. 2000 අපේ‍්‍රල් මාසයේදී පමණක් 22 දෙන්නෙක් සියදිවි නසාගත්තා ගොවි ණය ප‍්‍රශ්න නිසා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බලමණ්ඩලයේ සභාපතිකෙනෙකුත් වහබීල මැරුණ. එයාට උසස් පෙළ කරන පුතෙකුත් හිටිය. ඒ ගෙදර දරුවො, බිරිඳ කිව්වේ මේ අය මැරුනෙ ගොවි ණය හින්ද. අපි ඇත්ත කතාකරන්න  ඕනැ. මිනිය අපිට දෙන්නැතුව අරන් ගියත් කමක් නෑ. කියල. ඒ මරණ පරීක්‍ෂණ වර්තාවෙත් සඳහන් කරන්න ගියේ පවුල් ආරවුලක් නිසා සිදු වූ සියදිවි නසා ගැනීමක් කියල. සියදිවි නසාගැනීමේදි විතරක් නෙමෙයි වකුගඩු රෝගය නිසා ජීවිතය අහිමි වෙන අයගේ මරණ සහතික ලියන්නෙත් වෙන හේතු නිසා මියගියා කියල. හි`ගුරක්ගොඩ එක පවුලක තාත්තා මැරුණෙ වකුගඩු රෝගයෙන්. පුතාටත් වකුගඩු අමාරුව හැදෙනව. එයාට තමන්ගෙ අම්මා වකුගඩුවක් දෙනව. අන්තිමේ මේ පුද්ගලයට දිනපතා රුධිර මාරු කිරීමට සිදුවෙනව. එම පුද්ගලය එල්ලිලා සියදිවි නසාගන්නව. අද ණය ප‍්‍රශ්න නිසා හෝ වකුගඩු ප‍්‍රශ්න නිසා ඇතිවෙන මරණ පිළිබඳව තියෙන සංඛ්‍යාලේකන බොරු. ඒවායෙහි තියෙනනෙ වැරදි දත්තයන්.  ඕනැම රජයකට වැරදි දත්තයන් දීල මේ ප‍්‍රශ්නයට කොළේ වහල ගහන්න පුලූවන්. ඒත් අන්දිමේදී උත්තර හොයන්න බැරි ප‍්‍රශ්නයක් බවට මෙය පරිවර්තනය වෙනව.

ජනාධිපතිතුමාගේ වකුගඩුරෝග නිවාරණ කටයුත්ත ගැන ඔබගේ අදහස කුමක්ද?

ඒක හොඳ දෙයක්. ඒත් සමගම පොළොවේ නිවාරණ වැඩසටහනත් යන්න  ඕනැ. මහ පොළොව සුවපත් කළ යුතුයි. ඒ සඳහා ගොවියාගේ යටිතල පහසුකම් සුවපත් කළ යුතුයි. බයෝ ගෑස් පද්ධතියක් සාදා ගැනීමට, කිරි හරකෙක්, දෙන්නෙක් ඇතිකර ගැනීමට ගොවියා පෙළඹවිය යුතුයි. එමගින් කෘතිම පොහොර භාවිතයෙන් ඈත්විය හැකියි. හැබැයි යළිත් පසට විෂ මිශ‍්‍ර නොකළ යුතුයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *