පාස්කු ප්‍රහාරයේ වාර්තාව පාර්ලිමේන්තුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය සොයාබැලූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එමෙන්ම ජනාධිපති, අගමැති, බුද්ධි අංශ ප්‍රධානීන් නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවයා ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් ලෙස කමිටුව විසින් නම්කර තිබේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ වාර්තාව කාරක සභා සාමාජිකයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙම කමිටුව පසුගිය මැයි මස ආරම්භ කෙරුණු 24 වතාවත් රැස්වූ අතර පුද්ගලයින් 55 දෙනකුගෙන් සාක්ෂි විමසා තිබේ. ඒ අතර, ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක අංශ ප්‍රධානීන්, බුද්ධි අංශ ප්‍රධානීන්, ආණ්ඩුකාරවරු මෙන්ම ආගමික නායකයින්ද වේ. ප්‍රහාරය එල්ලවීමට ප්‍රධාන හේතුව ලෙස කාරක සභා වාර්තාවේ සඳහන් වන්නේ, 

  • රාජ්‍ය බුද්ධී අංශ ප්‍රධානියාගේ අසමත්භාවයයි.
  • හදිසි ආරක්ෂක මණ්ඩ රැස්වීම් කැඳවීම, අවශ්‍ය පුද්ගලයින් ඊට සම්බන්ධ නොකරගැනීම ඇතුළු අවස්ථා රැසකදී ජනාධිපතිවරයා නායකත්වය ලබාදීමට අසමත්වීම
  • අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව සිය වගකීම් පැහැර හැරීම 
  • සහරාන් හෂීම්, අයි.එස් සංවිධානය සමග සම්බන්ධතා තබූ බවට විමර්ශන වලින් හෙළි වූ නොමැති බව
  • නැගෙනහිර ජනතාව අන්තවාදයට යොමුවීමට වහබ්වාදය සහ ආරාබිකරණය හේතු වී ඇති බවත්, ඊට හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ද වගකිව යුත බව සදහන්

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ආසන්න දින වල ආරක්ෂක අංශ ගත් ක්‍රියාමාර්ග කිහිපයක්ද අදාල වාර්තාවට ඇතුලත්.


  • 2019 අප්‍රේල් 4
    එල්ලවිය හැකි ප්‍රහාරයක් පිළිබද  පළමු බුද්ධි වාර්තාව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත  ජයවර්ධනට ලැබීම
    සහ අදාළ බුද්ධි වාර්තාව ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට යොමුකිරීම.
  • 2019 අප්‍රේල් 08 
    අදාළ ලිපිය බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් පොලිස්පතිවරයා වෙත යොමුකිරීම 
  • 2019 අප්‍රේල් 09
  • ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී නවතම බුද්ධි වාර්තාව ආරක්ෂක ලේකම්වරයාට ලබා ගැනීමට අවශ්‍යවුව ද  රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා ලිපියකින් පසු විපරම් කිරීම පිළිබඳව දැනුම් දීම.  
  • 2019 අප්‍රේල් 16
    කාන්තණ්කුඩි ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරායාම 

  • 2019 අප්‍රේල් 18 සහ 19 
    සහරාන්තතේ අනුගාමිකයින් විසින් ප්‍රහාරයක් සිදුකරන බවට තොරතුරු ලැබුණද එය සිදුවන දිනයක් පිළිබඳව නිශ්චිතව අනාවරණය නොවීම.

  • 2019 අප්‍රේල් 20 පස්වරු 7.30  
    රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා හෙට දිනයේ දී භයානක සිදුවීමක් ඇතිවිය හැකි බවට පොලිස්පතිවරයාට අනතුරු ඇඟවීම
  • පොලිස්පතිවරයා විසින් සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අනතුරු ඇඟවීම පිළිබඳ දැනුම්දීම
  • 2019 අප්‍රේල් 21 පෙරවරු 6.45 
    රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා අනතුරු ඇඟවීම යළි දැනුම්දීම
  • ප්‍රහාරය එල්ලවිය හැක්කේ කතෝලික දේවස්ථානවලට නොවන මෙතෝදිස්ත දේවස්ථානවලට බව ආරක්ෂක ලේකම්වරයාට දැනුම්දීම 
  • තමා බෞද්ධ බවත් මෙතෝදිස්ස දේවස්ථාන පිළිබද තමන්ට අවබෝධයක් නැති බව ආරක්ෂක ලේකම්වරයා පැවසීම. 
  • 2019 අප්‍රේල් 21 
    ප්‍රහාරය එල්ල වීම

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිය වාර්තාව මගින් වහා අවධානය යොමුවිය යුතු නිර්දේශ 08ක් ද ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ අතරින්, 

  • ආරක්ෂක සහ බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ 
  • ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම 
  • ආගමික අන්තවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව 
  • වහාබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම 
  • දේශපාලනඥයින් / ජනතා නියෝජිතයින වගවීමට සැලැස්වීම ,ප්‍රධාන වේ. 

වාර්තාව සභාගත කිරීමෙන් අනතුරුව කාරක සභාවේ සාමාජිකයින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *