රෝයල් පාක් ඝාතනයේ වරදකරුට ජනපති සමාව දීමේ යෝජනාවට විරෝධය

රෝයල් පාක් මිනී මැරුම් නඩුවේ වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් තමන් සළකා බලමින් සිටින බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බව රෝයල් පාක්හිදී ඝාතනය ලක්වූ ඉවෝන් ජොන්සන්ගේ සොහොයුරිය වන කැරෙලින්සි ජොන්සන් පවසයි.

2005 වසරේදී එවකට 19 හැවැරිදි ලංකික සම්භවයක් ඉවෝන් ජොන්සන් තරුණිය ඝාතනයට ලක්විය.

මේ පිළිබඳව සිය ෆේස් බුක් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඉවෝන් ජොන්සන්ගේ සහෝදරිය වන කැරොලින් ජොන්සන් පවසන්නේ චූදිතයා නිදහස් කර ගැනිම වෙනුවෙන් ඔහුගේ පවුලේ උදවිය බලය හා මුදල් යොදා ගනිමින් සිටින බවයි.

මෙවැනි දෙයක් තමන්ගේ පවුලට, සහෝදරියට, හෝ වෙනත් අයෙකුට සිදුවන්නේ නම් එය කෙසේ දැනේවිදැයි කැරොලින් සිය ෆේස්බුක් සටහනෙන් ප්‍රශ්න කර සිටින්නීය.

රෝයල් පාක් ඝාතනයේ වරදකරුවූ ශ්‍රිමන්ත ජයමහට මෙසේ ජනපති සමාව ලබාදීමට සළකා බලමින් සිටින අතර මුලින්ම ශ්‍රිමන්ත හා සබඳතා පවත්වා තිබුණේද කැරොලින්ය.

කෙසේ වෙතත් කැරෙලින් හා ශ්‍රිමන්ත අතර සිදුවූ ගැටුමකට මැදිහත්වීම හේතුවෙන් ඉවොන්ව ඝාතනය කිරිමට ශ්‍රිමන්ත කටයුතු කර තිබුණි.

ඔහු වෙනුවෙන් අභියාචනාධිකරණය මරණ දඬුවම ලබාදුන් අතර එය ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ද විය.

ඒ වන තෙක් මහාධිකරණයකට පමණක් මරණ දඬුවමක් ලබාදිය හැකි බවට වූ පිළිගැනීමද එම නඩු තීන්දුව මගින් වෙනස් වූ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කෙරිණි.

ඉවොන්ගේ හා කැරෙලින්ගේ මව ශ්‍රී ලාංකිකාවක් වූ අතර ඔවුන්ගේ පියා ස්වීඩන් ජාතිකයෙක් මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙක්ද විය.

මේ පිළිබඳව තවදුරටත් සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වමින් කැරොලින් පවසන්නේ චූදිතයා තම පවුල පමණක් නොව ඔහුගේ පවුලද විනාශ කර දැමූ බවයි.

චූදිතයාගේ ප්‍රහාරයෙන් තම සහෝදරියගේ හිස් කබල 64කට කැබලි වී තිබූ බවත් උසාවියේදී ඒ බව සඳහන් කළ කරුණු තවමත් තමන්ගේ මතකයට එන බවත් ඇය සඳහන් කරයි.

තම සහෝදරියගේ ඝාතනයේ වේදනාව තවමත් තමන්ගේ මෙන්ම තම පවුලෙන් බැහැරව ගොස් නොමැති බවත් තම සහෝදරියගේ ඝාතනයෙන් පසුව සිය ලෝකය උඩු යටිකුරු වූ බවත් ඇය සඳහන් කරයි.

තම සහෝදරිය වෙනුවෙන් යුක්තිය ඉටු කිරිම වෙනුවෙන් තම පවුල අඛණ්ඩව සටන් කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *