පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තමන්ගේ ප්‍රතිරූපයට හානි කිරීමට උත්සහ දරනවා – හකීම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

කිසිදු විටෙක ත්‍රස්තවාදීන් සමඟ ඇසුරක් නොතිබුණු තමන් හට අහම්බයෙන් සිදුවූ හමුවීමක් පාදක කරගනිමින් එල්ලකරමින් පවතින චෝදනා ඉතා පහත් නින්දිත ක්‍රියාදාමයක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ තේරීම් කාරක සභා වාර්තාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.

විශේෂ අදහස් දැක්වීමක් කරමින් රවුෆ් හකීම් මහතා තමන්ට එල්ල වී තිබෙන චෝදනාවන්ට පිළිතුරු ලබාදුන්නේය. 

ගම්බඳ අසරණ සිංහල බෞද්ධ ජනතාව අතර තමන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහාත්  සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරේ  සිටින්නේ එවැනි පිරිස් බව ඒත්තු ගැන්වීම සඳහාත් මෙවැනි ප්‍රචාර කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින අය පිළිබඳව නිගමනයකට පැමිණීමට හැකි බවයි ඔහු කියාසිටියේ. 

අමාත්‍ය රවුෆ් හකීම් මහතාට ප්‍රතිවාදී පිලෙන් චෝදනා එල්ලකරන අකාරයටම අද අමාත්‍යවරයාද ජායාරූප සාක්ෂි යොදාගනිමින් ප්‍රති ප්‍රහාරයක් එල්ලකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *