ගෝඨාභය හමුදා සෙබලෙක්ට මැරෙනකම් පයින් ගැහුවා – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

අයිතිවාසිකම්, සෙබළුන්ගෙ සුබසාධනය ගැන කතා කරන හින්දා මං මේක කියන්නෙ. 

සෙබළෙක් පොලොන්නරුවෙ සුදුකන්ද කියන්න කැලෑබද දුෂ්කර ප්‍රදේශයේදි පපුව රිදෙනවා කියලා බිම වැටුණම මෙතුමා වෙන සෙබළුන්ට කිව්වා මේ සෙබළා බිමදිගේ ඇදගෙන යන්න කියලා. මෙතුමා සෙබළාට පයින් ගහ ගහා පස්සෙන් ගියා. ටිකක් දුරක් යනකොට සෙබළා මැරුණා. 

ඊට පස්සෙ සෙබළු වටවෙලා මෙතුමාට ගැහුවා. මෙතුමා පැනලා ගියා, ගිහිල්ලා මාසයක් වැඩට වාර්තා කළෙත් නෑ. නුගේගොඩ ගෙදර හිටියා, සෙබළු ගෙදෙට්ටත් ගිහිල්ලා ගැහුවා. ඊට පස්සෙ මෙතුමා ආපහු සිංහ රෙජිමේන්තුවට ආවෙ නෑ. 

අපට විරුද්ධව ඡන්දෙ ඉල්ලන ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ යුධ හමුදාවෙ ලුතිනන් කර්නල්වරයෙක් ලබන විශ්‍රාම වැටුපක් ලබනවා. එයා අවුරුදු 20ක් සම්පූර්ණ කළාම විශ්‍රාම වැටුපක් ලැබෙනවානෙ, ඒ විස්ස සම්පූර්ණ කළාට පස්සෙ එයා එක දවසක්වත් සේවයට වාර්තා කළේ නෑ. පුද්ගලික හේතුමත යන්න ඕනෙ කියලා එයා හමුදාවෙන් විශ්‍රාම ගියා. සටනේ සිදුවෙච්චි දෙවල් අනුව එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න තීරණයක් ගත්තා ගෝඨාභය රාජපක්ෂව යුද්ධාධිකරණයක් හමුවට ගෙනියන්න. එතකොට ගෝඨාභය රාජපක්ෂයි, ඒකාලෙ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමයි ගිහිල්ලා රංජන් විජේරත්න හම්බුවෙලා කතා කරලා, අපට ලැබුණු තොරතුරු අනුව නම් රංජන් විජේරත්නට වැඳලා ‘යුධ අධිකරණය හමුවට දාන්න එපා මට හමුදාවෙන් අස්වෙලා යන්න දෙන්න’ කියලා ඉල්ලීමක් කළාම ජනරාල් රංජන් විජේරත්න ඒ ඉල්ලීමට ඉඩ දුන්නා. එතකොට ඒක කියන්න ලැජ්ජ හින්දා එතුමා කියනවා පුද්ගලික හේතුමත අස්වෙලා ගියා කියලා” යනුවෙනුයි සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ. 

එසේම පොහොට්ටුවේ ඇතැමුන් කියන ආකාරයට තමන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා අණ නොදුන් බවත් යුද්ධ සැලසුම් සියල්ල සකස් කරමින් ක්‍රියාත්මක කළේ තමන් විසින් බවත් අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ඒවා කළ නොහැකි බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය. 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *