ගොටාට එනවයි කියූ එජාප ප්‍රබලයා දිගටම සිටි රාජපක්ෂ කෙනෙක්

ගොටාභය රාජපක්ෂ මහතාට සහයදීමට එජාප ප්‍රබලයකු එක්වන බව ප්‍රචාරය කොට අද පවත් වූ මාධ්‍ය හමුවේදී ගෝටාට සහය දෙන බව කිවේ කලකට පෙර සිට ම රාජපක්ෂ කදවුරට එක්ව සිටි විජේදාස රාජපක්ෂ මහතාය .

විජේදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තු පැමිණිය ද යහපාලන රජයේ ඇමතිවරයකුව සිටියදී පවා ඔහුගේ සහාය තිබුණේ ගෝඨාටමය. තමන් අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරන තාක් ගෝඨාව අත් අඩංගුවට ගැනීමට ඉඩ නොතබන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ද ඔහුය. 

ඉන් අනතුරුව ගෝඨාත් සම්බන්ධ ඇවන්ගාඩ් සමාගමේ ප්‍රශ්නයක් නිසාම විජේදාස රාජපක්ෂ මහතාව අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කෙරිණි. එදා පටන්ම විජේදාස සිටියේ රාජපක්ෂ කඳවුරට හේත්තුවී ගෙනය. 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළියේදී විජේදාස රාජපක්ෂ මහතා ඒ ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස ද දිවුරුම් දුන්නේය. 

එහෙව් විජේදාස රාජපක්ෂ මහතා අලුතින්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මාධ්‍ය හමුවක් පවත්වා තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ප්‍රකාශ කිරීම දේශපාලන ක්ෂේත්‍රය තුළ ලෝක විහිළුවක් වී තිබේ. එසේම ඇතැම් මාධ්‍ය ආයතන ඊයේ දිනයේදීම එක්සත් ජාතික පක්ශයේ ප්‍රබලයකු පොහොට්ටුවට එක්වන බවට අනාවැකිත් පළ කර තිබුණු අතර එජාප ප්‍රබලයා ලෙස විජේදාසව කැන්දාගෙනවිත් පෙන්වීම හරහා විහිළුව දෙගුණ වී තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *