විදුලි දුම්රිය අධ්‍යයනය ලබන මාසයේ ඇරබේ

දුම්රිය සේවය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මේ මුල් අධියරේ අධ්‍යයන කටයුතු ලබන මාසයේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . ඒ අනුව මුල් පියවර ලෙස පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රිය සේවයක් ආරම්භ කිරීම පිලිබදව විධිමත් අධ්‍යයනයක් සිදුකිරීමට නියමිතය . දෙමටගොඩ සිට බත්තරමුල්ල දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමටද යෝජනා වී  ඇත . කොළඹ අවට නගර අතර ඉක්මනින් ගමන් කිරීමට පහසුකම් සැලසීම මෙම නව විදුලි දුම්රිය සේවයේ ප්‍රධාන අරමුණ වී ඇත .එමගින් කොළඹ වාහන තදබදයට විසදුමක් ලැබෙනු ඇතැයිද  ද අපේක්ෂා කෙරෙයි .

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් කෙරෙන අධ්‍යයනය ඔක්තෝබර් මාසය වනවිට අවසන් කිරීමට නියමිතය .සම්පුර්ණ ව්‍යාපෘතියේ මුල් කොටස වන පානදුර වේයන්ගොඩ විදුලි දුම්රිය සේවය වසර හතරකින් නිම කල හැකි බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *