දිනුවාම උන්: වැරදුණාම අපි – ෆොන්සේකාගෙන් සැර පිළිතුරක්!

යුද්ධයෙහි ජයග්‍රහණය සම්බන්ධ කීර්තිය ලබාගන්නා නමුත් එහි වරදක් ගැන ඇසූ සැණින් එය හමුදාව පිට, තමන් පිට පැටවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ ගන්නා බවත් රාජපක්ෂලාගේ ක්‍රමවේදයම මෙවැන්නක් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 

පෙරේදා දිනයේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු කළ ප්‍රකාශයක් විවේචනයකට භාජනය කරමින් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළේය. 

“වැරදි දෙයක් අහනකොට අපි හිටියෙ නෑ, අපි දන්නෙ නෑ, අපි දැක්කෙත් නෑ කියනවා. යටත් වෙච්චි අයට මොනවා කරාද කියලා මාධ්‍යවේදියෙක් ඇහුවලු ‘අපි දන්නෙ නෑ, මම නෙවෙයිනෙ යුද්ධ කළේ හමුදාපතිනෙ’ කිව්වලු. ‘ඔයාගෙ අයියා වගකියන්න ඕනෙ නේද’ ඇහුවාම ‘නෑ නෑ අයියත් නෙවෙයි හමුදාපති වගකියන්න ඕනෙ’ කිව්වලු. 

මුංට දිනුවාම උන් – වැරදුණාම අපි ! ඒක තමයි රාජපක්ෂලාගෙ ක්‍රමවේදය. 

අපි බාල වැඩ කරන්නෙ නෑ, රණවිරුවො අපි පණවාගේ ආරක්ෂා කරනවා. මේ රටේ ජනතාවට අවශ්‍ය සම්පූර්ණ ආරක්ෂාව අනිවාර්යයෙන් තමුන්නාන්සෙලාට නිදහසේ ඉඳගෙන කාලා බීලා නිදාගන්න පුළුවන් රටක් අපි හදනවා. ජාති බේදයකින් තොරව අපි රට ආරක්ෂා කරනවා, ඒකීය භාවය ආරක්ෂා කරනවා, ස්වෛරීභාවය ආරක්ෂා කරනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (16) හිරියාලේ පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රචාරණ රැළියක් අමතමිනි. 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *