ආණ්ඩුව හා ද්‍රවිඩ සන්ධානය අතර ඒකීය යන වචනයට කඹ ඇදිල්ලක්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල ආණ්ඩුව සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව යුක්තියට දැනගන්නට තිබේ. ජනපතිවරණයේ දී මෙන්ම මහා මැතිවරණයේ දී ජාතික ප්‍රශ්නයට දිගුකාලීන දේශපාලන විසදුමක් ලෙස ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදන බවට පොරොන්දුවක් දී තිබේ. මෙයින් අදහස් වූයේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යන බලය බෙදීමක් සිදුකරන බව ය. එසේ බලය බෙදන්නට ආණ්ඩු සූදානම් නම් එය ඒකීය රාජ්‍යයක් විය නොහැකි බව මෙහිදී ද්‍රවිඩ සන්ධානය පෙන්වා තිබේ. ඒ අනුව නව ව්‍යවස්ථාව සොල්බෙරී ව්‍යවස්ථාව මෙන් ඒකිය වන වචනය නැති ව්‍යවස්ථාවක් වියයුතු බව ද්‍රවිඩ සන්ධානයේ අදහස බව වාර්තාවේ.
ආණ්ඩුව කල්පනා කරන්නේ ඒකිය රාජ්‍යයක් යැයි සඳහන් නොකිරීමෙන් ජාතිවාදීන්ට ජනතාව අවුස්සන්ට අවස්ථාව ලබාදීමක් ලෙසට ය. වචනවල එල්ලීමෙන් ප්‍රශ්නය අවුල්වියහැකි යැයි සිතන ආණ්ඩුව ද්‍රවිඩ ජාතික සන්ධානයට බලපෑම් කරන්නේ ඒකීය වචනය ඉවත් නොකරන බලය බෙදීමකට එකගවන ලෙසට බව වැඩි දුරටත් වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *