මට හූ කියන්න ආවොත් ඒ අයට ගාණට සලකයි. පොලු තියාගෙන කට්ටිය ඉන්නවා – දයාසිරි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවට තමන් ගොඩවන විට තමන්ට “හූ” තැබීමට කිසිවකු තැත් කළහොත් ඔවුන්ට පහර කෑමට සිදුවිය හැකි බවටත් එසේ හූ කියන්නන්ට පහරදීම සඳහා පොලු රැගත් කණ්ඩායම් වේදිකාව ඉදිරිපසින්ම යොදවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. 

“මට හූ කියන්න කවුරුත් කුරුණෑගල එන්නෙ නෑ. කුරුණෑගල හූ කියන්න ආවොත් ඒ ගොල්ලොන්ට හරියට සැලකෙයි ගාණට, බය වෙන්න එපා. 

ඒ හූ කියන කට්ටිය වගේම අපටත් ආදරේ කරන කට්ටිය ඉස්සරහ ඉන්නවා පොලු තියාගෙන, හරියටම හම්බවෙයි එතකොට. ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී මාද්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

ඒ අනුව පොහොට්ටුව හා සන්ධානගත වූ සැණින්ම ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රසිද්ධියේ පොලුවලින් පහරදීමට තම ආධාරකරුවන් සූදානම් බවට ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා තර්ජනය කරන මට්ටමට ශ්‍රීලනිප මහලේකම්වරයා පත්ව ඇති අයුරු පෙනේ. මොවුන් සමඟ එක්ව එන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් නීතිගරුක, විනයගරුක පාලනයක් බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න තීරණය කරගැනීම ජනතාවට බාරය. 

RN

lankanewsweb


Leave a Reply

Your email address will not be published. Required fields are marked *