මහින්දගේ කතාව බොරු. අලුත් ජනපති දිවුරුම් දෙනවිට කැබිනට් මණ්ඩලය අහෝසි වීමක් නෑ.

නව ජනාධිපතිවරයකු දිවුරුම් දෙන අවස්ථාවේදී එතෙක් පැවති කැබිනට් මණ්ඩලය අහෝසි වන බවත් නව කැබිනට් මණ්ඩලය පත් කෙරෙන්නේ නව ජනාධිපතිවරයාගේ අභිමතය අනුව බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15) ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ කොළඹ, ශැංග්‍රිලා හෝටලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොහොට්ටුවට සහාය දෙන පක්ෂ නායකයින්ගේ සභභාගීත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි ඒ මහතා මේ බව පැවසුවේ. 

කෙසේවෙතත් මෙම ප්‍රකාශය සාවද්‍ය බව නීතිවේදීහු පෙන්වා දෙති. 

අමාත්‍ය මණ්ඩලය අහෝසි වන්නේ අග්‍රාමාත්‍යවරයා ඉවත් වුවහොත් හෝ ඉවත් කෙරුණහොත් පමණක් බව පෙන්වා දෙන නීතිවේදීහු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති තනතුරට තේරීපත් වුවහොත් නම් කැබිනට් මණ්ඩලය අහෝසි වන බවත් 2005 වසරේදී සිදුවූයේ එය බවත් අවධාරණය කරති. 

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් වී නොමැති බැවින් නව ජනාධිපතිවරයකු දිවුරුම් දුන්න ද කැබිනට් මණ්ඩලය එසේම පවතින අතර අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට අවශ්‍ය නම් ඊට ව්‍යවස්ථානුකූලව විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත යුතු වේ. 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *