වෙළඳ හිගය මාස අටට ඩොලර් බිලියන 2.3කින් අඩුවෙයි

ශ්‍රී ලංකාවේ වෙළඳ හිගය මේ වසරේ පළමු මාස අටේ දී ඩොලර් බිලියන 2.3කින් හෙවත් මිලියන 2386කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ගිය වසරේ මුල් මාස අටේ වෙළඳ හිගය එනම් අපනයන ආදායමට වඩා ආනයන වියදම ඩොලර් මිලියන 7,240ක් ලෙස සටහන් වු අතර මේ වසරේ මුල් මාස අටේදී එම හිගය ඩොලර් මිලියන 4,854ක් දක්වා අඩු වී ඇත.

වෙළඳ ශේෂයේ හිගය මෙලෙස අඩුවීමට ප්‍රධාන හේතුව ලෙස සටහන් වන්නේ රටේ ආනයන වියදම සියයට 16.6කින් අඩුවීමයි. එහිදී වාහන ආනයනය සියයට 46.2කින් අඩුවී ඇත.

රටේ අපයන වලද සියයට දශම හතරක (.4) සුළු අඩුවීමක් පෙන්නුම් කොට ඇත. එයට ප්‍රධාන හේතුව රටේ ප්‍රධාන අපනයනවල මිල ගණන් අඩුවීම බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.  

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *