යුධ හමුදාවට නායකත්වය දුන්නේ මමවත්, අයියාවත් නෙමෙයි. ඒක අහන්න ඕනේ හමුදාපතිගෙන් – ගෝඨාභය

ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් ‌අද කොළඹ ශැංග්‍රිලා ‌හෝටලයේදි පැවැත් වුනා.

එහිදී ශ්‍රී ලංකා ‌පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනියක් වන මීරා ශ්‍රී නිවාසන් විසින් ප්‍රශ්නයක් යොමු කරමින් අසා සිටියේ,

“ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE අයට සිදු වුයේ කුමක්ද..?” යන්නයි.

එහිදී ඔහු පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.

නැවත මාධ්‍යවේදිනිය ප්‍රශ්නයක් නඟමින් විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවතී කාලය අතර තුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE අයට සිදු වුයේ කුමක්ද?” යන්නයි.

එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි.

කෙසේ වෙතත් ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ එම පුද්ගලයින් සිටි තත්වය හඳුනාගෙන මාස 2ක, මාස 6ක, හා අවුරුදු 2ක ලෙස කාල සිමාවන් වලදී පුනරුත්ථාපනය කර නැවත සමාජ ගත කල බවයි.

යුද්ධයේදී යුද හමුදාවට නායක්තවය දුන්නේ තමන් හෝ තම සහෝදරයා (හිටපු ජනපති මහින්ද රාජපක්ෂ) නොව එවක යුද හමුදාපති (එවක යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා) බව හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිණී මීරා ශ්‍රී නිවාසන් මහත්මිය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Q යුද්ධයේදී ආරක්ෂක අංශ වෙත භාර වුණ මිනිස්සුන්ට මොකද වුණේ? ඔවුන් කොහෙද?

A ඔබ වැරදියට වටහාගෙන තිබෙන්නෙ. මම යුද හමුදාවට නායකත්වය දුන්නේ නෑ. මගේ සහෝදරයාත් නෙමෙයි.යුද හමුදාව මෙහෙයවන්නේ යුද හමුදාපතියි.

Q ඔබ අනිවාර්යනේම මේ ගැන දැනගත යුතුයි? මේ ප්‍රශ්නය අහන ජනතාවට ඔබ මොකක්ද කියන්නේ?

A මොකක්ද ප්‍රශ්නය

Q යුද හමුදාවට භාර වුණ මිනිස්සුන්ට මොකද වුණේ?

A යුද හමුදාවට භාර වුණ පුද්ගලයන් අපි පුනරුත්තාපනය කළා. ඔවුන් සමජයට ඒකාබද්ධ කළා. ඒ අයට රැකියා අවස්ථා දුන්නා. සමහර අය ආරක්ෂක අංශ වෙත බදවා ගත්තා.

මේ වගේ හොඳ පුනරුත්තාපන වැඩසටහනක් ක්‍රියාත්මක කළ ලෝකයේ වෙනත් රටක් නෑ. අපි ඔවුන්ව අත්අඩංගුවේ තබා ගත්තේ නෑ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *