ජාතික ආරක්ෂාව සරත් ෆොන්සේකාට බාරදුන්නොත් ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ – ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක

ජාතික ආරක්ෂාවේ වගකීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට බාරදීම හොඳ පියවරක් බව ජාතික ජනතා බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළම වගකීම සරත් ෆොන්සේකා මහතාට පවරණ බවට නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතරු ලෙස ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

තමා තරග වැද සිටින්නේ අල්ලස හා දූෂණය පිටුදැකීමට, ආර්ථිකය දියුණුකිරීමට හා ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට බව කී ඒ මහතා එම සටන නොවැම්බර් 16 දායින් අවසන් නොවන බව ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *