මහින්දගේ කාලේ රැකියා දුන් හැටි අනුමත කරන්න බෑ – ගෝඨාගෙන් තද විවේචනයක්

2005 – 2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ රජයේ රැකියා ලබාදුන් ආකාරය කිසිදු තේරුමක් නොමැති බවත් එවන් ක්‍රියා අනුමත කළ නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

“මම ආරක්ෂක ලේකම් වශයෙන් ඉන්නකොට එක දවසක් මට ලිපියක් එනවා ‘උපාධිධාරීන් 800ක් ඔබේ අමාත්‍යාංශයට බන්දනවා’ කියලා. උපාධිධාරීන් 800කින් මං මොනවා කරන්නද අමාත්‍යාංශය තුළ ? මෙවැනි රැකියා දීම අනුමත කරන්න පුළුවන්කමක් නෑ. 

මේවා ආර්ථිකයට වැඩකුත් නෑ, සමාජයට වැඩකුත් නෑ. ඇයි රුපියල් විසි දාහකට රස්සාවක් දීලා මොනවා කරන්නද ? ගත්ත දවසේ ඉඳලා අසහනේ. 

අපි අහලා තියෙනවා ඇමතිවරු 3000ක් මං රැකියා දුන්නා, 4000ක් රැකියාවල් දුන්නා … හැබැයි කවුරුවත් කතා කරන්නෙ නෑ මම රැකියාවල් 5000ක් උත්පාදනය කළායි කියලා නම් ඇමතිකෙනෙක් කියනවා මං අහලා නෑ. 

මේක නෙවෙයි අපට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමය. අපේ තරුණ තරුණියන්ට රිස්ක් එක ගන්න පුරුදු කරලා නෑ අපෙ අධ්‍යාපන ක්‍රමය තුළින්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (13) කොළඹදී පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් සමඟ පැවති හමුවක් අමතමිනි. 

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *