ආණ්ඩුව ගාල්ලට මොකද කලේ : ඇමති වජිරගෙන් හෙළිදරව්වක්.

එකසත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියත ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ජනයා බල මුළු ගන්වා සීරුවෙන් තැබීමේ මෙහෙයුම ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ආරම්භ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී පරාජයට පත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද පහළොස් ලක්ෂයකින් ජයග්‍රහණය කරවීමට සියලු කටයුතු යොදා ඇති බව ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි.

ඔහු මෙ බව පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ජනයා බල මුළු ගැන්වීමේ මෙහෙයුමට අදාළව එක්සත් ජාතික පෙරමුණේ ගාලු දිස්ත්‍රික් ඉහළම පෙළේ ක්‍රියාකාරීන් පිරිසක් සමග කොළඹ පිහිටි සිය නිවසේ සිදු කළ අභ්‍යන්තර සාකච්ඡාවකදීය.

එම සාකච්ඡාවෙන් පසුව සියලු කරුණු කාරණා,ඉලක්ක සහ අවශ්‍යතා සම්බන්ධයෙන් කරුණු දක්වමින් ගාලු දිස්ත්‍රික් ජනයා වෙත වජිර අබේවර්ධන මහතා විසින් විශේෂ ලිපියක් යොමු කරනු ලැබ ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කය සහ එම ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව නිහඬව කර ඇති සේවයෙන් කොටසක් එම ලිපියෙන් හෙළිදරව් වී තිබේ.

එම ලිපිය මෙසේය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *