”ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණේ ගිවිසුමට පාක්ෂිකයන් 95%ක් විරුද්ධයි” – චන්ද්‍රිකා

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් ඇය කියා සිටින්නේ පොදුජන පෙරමුණ සමඟ එක්වීමට නිදහස් පක්ෂය ගත් තීරණයට 95%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් විරුද්ධ බවයි.

මෙතෙක් පැවති ජනාධිපතිවරණ වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වී ඇත්තේ ජනාධිපතිවරණ 02ක් පමණක් බවත් ඇය මෙම නිවේදනය ඔස්සේ පෙන්වා දෙයි.

නමුත් අද වන විට පක්ෂයට අත්ව ඇති ඉරණම ගැන සිතන විට කම්පාවක් දැනෙන බව ඇය සඳහන් කරයි.

පක්ෂ ප්‍රත්පත්ති ආරක්ෂා කරගනිමින් පක්ෂය රැකගැනීම වෙනුවෙන් සිය සහාය ලබාදෙන බව ද ඇය එමඟින් සිය පාක්ෂිකයන්ට දන්වා තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *