ජනවාරි 9 නව ව්‍යවස්ථා යෝජනාව පාර්ලිමේන්තුවට

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වී වසරක් පිරෙන ජනවාරි 9වෙනි දින නව ව්‍යවස්ථා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව යුක්තියට සමීප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා මීට පෙර යෝජනා කළේ පනතක් මගින් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට ය. කෙසේ නමුත් ජනවාරි 9 වෙනිදා නව ව්‍යවස්ථාව පිළිබඳ යෝජනාව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දැනගන්නට තිබේ. මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියගේ සභාපතිත්වයෙන් යුත් ජාතික සමගිය හා ප්‍රතිසංධාන කමිටුව සුළු ජාතීන්ගේ ඉල්ලීම් නව ව්‍යවස්ථාව තුළට ඇතුල් කරන ආකාරය පිළිබඳ සොයා බලමින් සිටින බව දැනගන්නට ඇත. දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු සුළුජනයා නියෝජනය කරන පක්ෂ සියල්ලම වාගේ තිරසාර විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *