අපගේ දරුවන්ට සහ ඉදිරි පරම්පරාවලට අවශ්‍ය වෙනස ඇති කළ යුතුයි – මහේෂ් සේනානායක

පරාජිකවුත් ජරාජීර්ණවූත් දේශපාලන ක්‍රමය වෙනස් කරමින්, ජීවත් වන අපටත්, අපගේ දරුවන්ට සහ ඉදිරි පරම්පරාවලට අවශ්‍ය වෙනස මේ රටට ඇති කීරීම පිණිස කණ්ඩායමක් සමග අත්වැල් බැද ගනිමින් වෙනත් ගමනක් යාමට තමන් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් ස්නානායක මහතා පැවසීය. සේනානායක මහතා  මේ බව පැවසුවේ ගම්පහ නගර සභා පිටියේදී ඊයේ (10) එම පක්ෂයේ මංගල රැලිය අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සේනානායක මහතා මෙසේද පැවසිය.

රට ගොඩනැගීමට නායකත්වය දිය හැක්කේ පැහැදිලිවම නිර්පාක්ෂික ජනාධිපතිවරයකුට පමණයි. මම නිර්පාක්ෂිකව මේ රට ගොඩනැගීමට ­පියවර ගන්නවා. මට කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. මැතිවරණ ක්‍රමය තුළදී පමණයි පක්ෂයක් පාවිච්චි කිරීමට සිදුව තිබෙන්නේ. මට ලැබී තිබෙන ලාංඡනය විදුලි බුබුලයි. මෙතෙක් අඳුරේ පැවති මේ රටට ආලෝකයක් දිය හැක්කේ මේ ලාංඡනය යටතේ අපිට පමණයි.

මෙම ගමන යාම පිණිස විශේෂඥ දැනුමක් සහිත කණ්ඩායමක් මා සමග එක්ව සිටින අතර එම පිරිස මේ රටට අවශ්‍ය ශක්තිය ලෙස මම දකිනවා. මම දේශපාලඥයකු ලෙස නොව දේශ සේවකයකු ලෙස මේ කණ්ඩායම සමග එක්ව යළිත් රටට සේවයක් ලබාදීම පිණිස කටයුතු කරනවා මිසක මට මගේ පවුලක්, ඥාතීන් හෝ මිත්‍රයින් ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවක් නැහැ.

මෙහිදී ජාතික ජනතා පක්ෂයේ සභාපති, හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, රංගන ශිල්පි කමල් අද්දරආරච්චි යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් අදහස් දැක්වූහ.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *