ඇල්පිටියේ ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය මනින්න බැහැ – විජිත හේරත්

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ප‍්‍රතිඵලයෙන් ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය මැනීමේ හැකියාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය අනුමාන කළ හැකි බව ඇතැමුන් කීවත් ප‍්‍රාදේශීය සභාවක හා ජනාධිපතිවරණය වැනි ජාතික මැතිවරණයක ප‍්‍රතිඵලය කිසිවිටෙකත් සමාන නොවන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා ඇල්පිටියේ පැවැත්වුණු ප‍්‍රාදේශීය සභා මැතිවරණය යනු මැතිවරණ දෙකක් මිස එකක් නොවන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

ඩයනා උදයංගනී

ලංකාදීප 

දියත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *