‘‘ඇල්පිටිය ඡන්දෙන් සමස්ත ජනමතය පිළිඹිබු වෙන්නේ නෑ‘‘ – අකිල විරාජ් කාරියවසම්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දයෙන් සමස්ත ශ්‍රී ලංකාවේම ජනමතය කිසිසේත් පිළිඹිබු නොවන අතර එය ඉතා සුළු ප්‍රදේශයක ජනතාවගේ මතයක් පමණකැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය ඉතා ඉහළ ජයග්‍රහණයක් ලැබූ මැතිවරණවලදී පවා බෙන්තර ඇල්පිටිය ආසන්නයෙන් එජාපයට හිමිවුයේ අඩු ඡන්ද ප්‍රතිශතයකැයිද ඇමැතිවරයා කීය.

එක්සත් ජාතික පක්ෂයට මැද කොළඹ,උතුරු කොළඹ සේම පොහොට්ටුවට බෙන්තර ඇල්පිටිය වැනි ආසන වල වැඩි බරක් තිබෙන බවද එය එම පක්ෂයේ විශේෂ ජයග්‍රහණයක් නොවන බවද ඔහු පැවසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් ලංකාදිපයට කළ විමසුමකට පිළිතුරු දෙමින් මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂය ලොකු බරක් වෙහෙසක් දැම්මේ නෑඅපට වැදගත් ජනාධිපතිවරණය ගාලුමුවදොර ඇතුළු කොළඹින් භායක්ම සෙනග පුරවලා අපි අපේ මංගල ජන රැලිය පැවැත්වුවා.

පොහොට්ටුවේ මංගල ජනරැලියට එතරම් සෙනගක් හිටියේ නැහැ.

රංජන් කස්තුරි

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *