මිලියන 14ක ලාභයක් එක්ක බාරදීපු ශ්‍රීලන්කන් එක, මිලියන 250ක පාඩුවකට ගෙනිච්ච ගෝඨාභයට මොන කළමණාකාරිත්වයක්ද? – පාඨලී චම්පික රණවක

මිලියන 14ක ලාභයක් එක්ක බාරදීපු ශ්‍රීලන්කන් එක, මිලියන 250ක පාඩුවකට ගෙනිච්ච ගෝඨාභයට මොන කළමණාකාරිත්වයක්ද? යනුවෙන් ඇමති පාඨලී චම්පක රණවක මහතා ප්‍රකාශ කළේ  ඊයේ (10) සවස ගාලු මුවදොර පිටියේ පැවති එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලිය අමතමිනි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවති රැලිය අමතමින් වම්පික රණවක මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.    

අද එහා කඳවුරෙන් කතා කරනවා රටේ දේශප්‍රේමය ගැන. එහා කඳවුරේ අපේක්ෂකයට මේ රටේ පුවැසිකම ඔනැ වුණේ රටේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණට පස්සෙයි. මේ රටේ පුරවැසියෙක් විදිහට කෙළින් කතා කරන්න බැරි මිනිස්සුන්ට, තමන්ගෙකම ලොස්ඇන්ජලීස්වල තියෙන මිනිස්සුන්ට, තමන්ගෙ දරූ පවුල ඇමරිකාවේ පවත්වගෙන ඉන්න මිනිස්සුන්ට, ඇමරිකාව රකින්න දිවුරුම්දීපු මිනිස්සුන්ට දේශප්‍රේමියො කියන්න පුළුවන්ද මිත්‍රවරුණි.

අපි ඉදිරිපත් කරල තියෙන අපේක්ෂකයා තාත්තගේ ආසනේ මැද කොළඹින් රජ වෙන්න තිබියදී ජ.වි.පෙ. බලකොටුව, 1936 ඉඳන් රාජපක්ෂ බලකොටුව හම්බන්තොටට ගිහිල්ලා දේශපාලනය කරපු කෙනෙක්. ඒ නිසා ඇමරිකාවේ ගිහිල්ලා පදිංචි වෙච්ච බොරු දේශප්‍රේමි පුරවැසියොද? මේ රටේ මහපොළොවෙන් උපන් මිනිස්සුද ජයගන්නෙ කියන එක ලබන නොවැම්බර් 16 වෙනිදට තීරණය කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලනව.

ගෝඨාභය මහත්තය කියනව විනයගරුක රටක් හදනව කියල. අයිඩින්ට්ටි කාඩ්එකේ, පාස්පොර්ට් එකේ ෆයිල් එක උස්සපු එවුන්ගෙන් මොන විනය ගරුක රටක්ද ? මේ වගේ හොරහැත්තකට තමන්ටයි කියල අයිඩින්ට්ටි කාඩ් එක­ත්, තමන්ටයි කියල පාස්පොර්ට් එකත් හොර පාරෙන් හදපු එවුන්ගෙ විනය මොකක්ද කියන එක තමුන්නාන්සේලා තීරණය කරන්න. ඒ නිසා මේ රටේ හරි පාරෙන් හැදුණු, හරි පාරෙන් පාස්පෝර්ට් එක ගත්තු ජන නායකයෙක් ලබන නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිකරනවා මිත්‍රවරුණි.  

ගෝඨාභය රාජපක්ෂ මහත්තය ගැන කියන්න තියෙන්නේ එක දෙයයි. එතුමා සභාපතිකමේ හිටියා මිහින් ලංකා එ‍කේ මතකද? එයා අධ්‍යක්ෂක මණ්ඩලේ හිටියා මස්සිනා එක්ක ශ්‍රීලංකන් එකේ මතකද? එමිරේට් සමාගම මිලියන 14ක ලාභයක් එක්ක බාරදීපු ශ්‍රීලන්කන් එක, මිලියන 250ක පාඩුවකට ගෙනිච්ච ගෝඨාභයට මොන කළමණාකාරිත්වයක්ද? මම කියනව 2005 ඉඳන් 2015ට රටේ ජාතික ආදායමෙන් සියයට අනූහතක් පාලනය කළා රටේ මහා භාණ්ඩාගාරයේ සල්ලි වලින්. ඒ වග්ම රටේ වැදගත්ම අමාත්‍යාංශ පාලනය කළා. අනෙක් අයට පාළනය කරන්න දුන්නෙත් නෑ. මට පුලුවන්නම් චමල් මහත්තයා, මහින්ද මහත්තයා, ගෝඨාභය මහත්තයා, බැසිල් මහත්තයා හදපු එක රාජ්‍ය ආයතනයක් පෙන්නල දෙන්න කියල අපි කියනව. මුළු රටේම රාජ්‍ය ආයතන ටික වලපල්ලට යවල රටම ණය බරින් ගොඩකරල තමයි මේ ගොල්ල රටෙන් ගියේ.

මේ ළඟදි මහින්ද මහත්තය කියනව මේ යහපාලන ආණ්ඩුව අරන් තියෙනවලු විදේශ ණය බිලියන විස්සක්. කරපුව මොනවද කියල එතුමා අහනව.  එතුමට ඔය ඉලක්කම් ලියල දෙන අයට මම කියන්න ඕනෙ, ඔව් මේ යහපාලන ආණ්ඩුව අරන් තියෙනව බිලියන විස්සක් නෙමෙයි 22.3ක් ඩොලර් වලින් ණය. ඒ ණය වලින් සියයට හැත්තෑහයක්ම (76%) ගියේ රාජපක්ෂ ගිනි පොලියට ගත්ත ණය ගෙවන්න කියන එක මහින්ද මහත්තයට අපි මතක් කරනව. එදා ගිනිපොලියට ණය අරගෙන නැව් එන්නැති වරායවල්, ගුවන් යානා එන්නැති ගුවන්ගොටුපලවල්, මිනිස්සු නැති සම්මන්ත්‍රණ ශාලා, මැච් නැති ක්‍රිකට් ක්‍රීඩාංගන හදපු යුගය ඔබතුමන්ලාට මතකයි. අද එකට ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ පොදු ජනතාවට. කිරිපිටි වලින්, හාල් වලින්, ඒ වගේම ප්‍රෙට්ට්‍රල් ඩීසල් වලින් බදු අරගෙන එක ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට. ඒ දුකයි මේ ආණ්ඩුව ඇදගෙන ගියේ.

අපි නිවැරදි රාජ්‍ය කළමණාකාරිත්වයක් එක්ක මේ රටේ හෑම රාජ්‍ය ආයතනයක්ම; මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමෙන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, ඒ වගේම ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය, ගුවන් තොටුපොළ, අපි අරගෙන වෘත්තීයවේදීන්ගේ නායකත්වයක් යටතේ ආයෙ නොසෙල් වෙන, ණය බරක් නැති රටක් හදනව කියන එක අපි ඔබතමුන්නාන්සේලාට පොරොන්දු වෙනව.

ඒ ගොල්ලන්ගෙ ආර්ථිකේ තමයි වරිග ආර්ථිකේ. මේ ගොල්ලන්ගෙ පවුලෙ 269ක් හිටියා. අද ඔය පොහොට්ටුවෙ වේදිකාවෙ ඉන්න මනුස්සයෙක්මයි ඒ කාලේ ඒක ලියල දුන්නේ. ආණ්ඩුවෙ විවිධ තැන්වල 269ක් හිටියා. එතන ඉඳන් තමයි ඔය වේදිකාවේ කෑමොර දෙන දිනේෂ් මහත්තයල, බන්දුල මහත්තයල එහෙම දෙසිය හැත්තෑවෙ ඉඳල තමයි.

මෙතන එක පවුලක් නෙමෙයි, මෙතන එක පෙළට, දක්ෂතා පූර්ණ සජිත් එක්ක තරුණ බලයක් රට හදන්න 16 වෙනිදා එනව කියන එක අපි තමුන්නාසේලාට මතක කරනව. ඒ නිසා තමුන්නාසේලා තීරණය කරන්න හරි උගත්කමක් නැති, හරි දැනුමක් නැති ගසාකෑම විතරක් හරියට දන්න හැත්තක් අපි රජ කරනවද, එහෙමත් නැත්නම් පවුල් ලක්ෂ 55ක් රජ කරන යුගයකට මේ රටේ අලුත් තරුණ පරම්පරාවට රට බාරකරනවද කියන එක අපි තමුන්නාන්සේලා තීරණය කළ යුතුයි මිත්‍රවරුනි.

රටේ නම විකුණලා රටේ ආරක්ෂක හමුදා කොල්ලකාපු පිරිසක් ඒ අය අතරේ හිටියා. මෙන්න තියනව මෙතන ඉඩම (පැරණි හමුදා මූලස්ථානය පෙන්වමින්) අක්කර හයයි ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලස්ථානය. තුට්ටු දෙකට විසිහතර පැයෙන් විදේශිකයන්ට වික්කා මිත්‍රවරුනි. ඒකෙන් ගහපු කොමිස් වලින් තමයි තංගල්ලේ ‘බේ’ හොටෙල් එක සල්ලිවලට ගත්තෙ. යුද හමුදාව පාරට ඇදලා දාලා අවුරුද්දකට කෝටි 500ගානේ කුලියට ඉන්න ඇරලා තංගල්ලේ ‘බේ’ හොටෙල් ගත්ත එවුන් රණවිරුවො වෙන්නෙ කොහොමද මිත්‍රවරුනි.

ඊට පස්සෙ හදන්න ගත්තා යුද හමුදා මූලස්ථානේ. මේක හදන්න යන්නේ මිලියන 8000යි කියලයි කිව්වේ. මම මේක නිරීක්ෂණය කරන්න ගියා. සෙබලෙක්ගෙන් ඇහුවා මොකද කරන්නෙ කියල. අක්කර 21ක ටයිල් අල්ලනව කියල කිව්ව. මේක රටට ගැලපෙන ආර්ථිකයට ගැලපෙන දෙයක් නෙමෙයි මිත්‍රවරුණි. එහෙම මූලස්ථානයක් හැදුවට කමක් නෑ කියමුකො. ඒ සැලසුම අඳින් බාර දුන්නේ කාටද? ඥාති සනුහරේ එකෙකුට. මුදිත ජයකොඩිට ගෙව්වා සියයට එකක් (1%) මිලියන 640ක්. එයා යනව ගම්පහ උසාවියට. ගිහින් කියනව මගේ සල්ලිවලින් තමයි මල්වානේ වලව්ව හැදුවේ. ඔරුවල කාර්යාලය දැම්මේ. මාතර බ්‍රවුන් හිල් එකේ අර මහා මාලිගය හදන්න දුන්නේ කියල.

මේ රටේ කුසගින්නේ කුස හැකිලිච්ච මිනිස්සුන්ගෙ යුගය ළඟ එනව. ඒ අයගෙ මුහුණෙ සිනහව සැරසෙන යුගය දැන් ළඟ එනව. ඒ වගේම මිත්‍රවරුණි, වැරහැලි ඇඳගෙන ජීවත් වන මිනිස්සුන්ට මහපාරේ ආත්ම ගරුත්වයෙන් යන්න පුලුවන් යුගයක් එනව. ඒ වගේම මේ රටේ නින්දාවෙන් අපහාසෙන් වත මැලවෙච්ච මිනිස්සුන්ගෙ යුගයක් ලබන නොවැම්බර් 16 වනදා එනව. මේ රටේ පවුල්වාදය සදහටම අවසන් කරල කුසලතාවයට හැකියාවට මුල්තැන දෙන නවෝත්පාදන ආර්ථිකයකයට රට ගෙනයන යුගයක් එනවා කියන ඒක අපි තමුන්නාන්සේලාට කියනව.

මනෝජ් රූපසිංහ  

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *