බෝගොල්ලාගම සජිත්ට සහයට එයි

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට එක් වී තිබේ. හිටපු විදේශ ඇමතිවරයකු වන ඔහු ආයෝජන ප්‍රවර්ධන, උසස් තාක්ෂණ හා ජාතික ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා සහ කර්මාන්ත ආමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

පසුගිය දා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන බව මාධ්‍යහමුවක දී ප්‍රකාශ කළ ඩබ්ලිව්. බී. ඒකනායක මහතා ඊයේ (9) අනුරාධපුරයේ පැවැති ගෝඨාභය රාජපක්ෂගේ මංගල රැලියට සහභාගි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *