රතන සහ කාදිනල්

නරලොව සිට නරසිංහ වාර්තා කරයි.

ධර්මයත් කොනට ඇඳා ගත් සංවිධානයක ලියවිල්ලක් ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී එන අතර රතන සූත්තර හාමුදුරුවන්ගේ ජංගම දුරකතනයට කතා කල අයෙකු ඇසුවේ, ගෝඨාභය මහත්තයට දුන් ලියවිල්ලේ ඇති ධර්මය බුදුන්ගේද දෙව්දත්තරගේද කියාය.

එවිට රතන සූත්තර හාමුදුරුවෝ කිවේ මාවගේ කෙනෙක්ගේ ධර්මය මොකද්ද කියලා අහන්න තමාට තියෙන අයිතිය මොකද්ද කියාය.

එවිට දුරකතනයෙන් කතා කල තැනැත්තා කිවේ මේ දවස් වල රතන සූත්තර අනුව ගෞතම බුද්ධ ධර්මයක් තියෙන බවක් නම් පෙනෙන්නට නැහැ කියාය. රතනටත් ගෝඨාභයටත් හරියන ධර්මය තියෙන්නේ බුද්ධ ධර්මයේ නෙවෙයි දෙව්දත්තෙර නිකායේ කියා බොහෝ දෙනෙක් කියනවාය කියා අර තැනැත්තා කිවේය.

ඒ කියන මිනිස්සු වෙන මොනවද කියන්නේ කියා රතන සුත්තර හාමුදුරුවෝ ඇසූ විට අර තැනැත්තා කීවේ, කියන හැමදේම කිව්වොත් මල පනින්න ඉඩ තිබෙන නිසා කියන්න අමාරුයි කියාය.

මල පනින්නේ කාටද කියා රතන සුත්තර ඇසූ විට ඇය කීවේ, මිනිස්සුන්ට නම් දැනටමත් ඉන්නේ මල පැනලා. ඔයාට මල පනී කියන බය තියෙනවා කියාය. මට පුංචි ප්‍රශ්ණයක් තියෙනවා. ඇහුවොත් උත්තර දෙනවද කියා ඊළගට අර තැනැත්තා ඇසුවේය.

ප්‍රශ්නය මොකක් ගැනද කියා රතන සූත්තර ඇසුවේය.

රතන සූත්තර ගේ ලියවිල්ල බාර දුන්නේ මහින්ද රාජපක්ෂගේ මල්ලි ගෝඨාභයට ද නැත්නම් වෙනත් ගෝඨාභය කෙනෙකුට ද කියා අර තැනැත්තා ඇසුවේය.

මේ වෙලාවේ වෙන උන්ට දීල මොනවටද? මම දුන්නෙ මහින්දගේ මලයාට කියා රතන සූත්තර කීවේය.

මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවෙ හිටපු කාලෙ ඔය ලියකියවිලි බාර දුන්නා නම් මහින්දගේ ජනාධිපති කමත් බේරගෙන තමුන්නැහැ ගේ සායමක් බේරගෙන ඉන්න තිබුණා නේද? කියා අර තැනැත්තා කීවේය.

මම ඕක මහින්දට දුන්නෙ චන්ද්‍රිකාගේ ඔඩොක්කුවෙන් පැන්න කාලෙමයි. මෙදා ගෝඨාට දෙද්දී නම් ඩිංගිත්තක් වෙනස් කළා විතරයි කියා එවිට රතන සූත්තර කීවේය.

එතකොට මෛත්‍රී මහත්තයට දාපු සූත්තරේ මොකද වුණේ කියා ඇසුවේය.

ඒකට වුනෙත් චන්ද්‍රිකාට මහින්දට දාපු සුස්තරේට වෙච්ච දේම තමයි කියා රතන සූත්තර කීවේය.

වෙච්ච දේ හරියට පැහැදිලි මදි කියා අර තැනැත්තා කීවේය.

චන්ද්‍රිකාට සූත්තරේ දාලා යමක්කමක් කරගෙන ඉද්දි මහින්දගේ පාක්ෂිකයා රජවෙන බව පෙනුණා. චන්ද්‍රිකාට බැනගෙන මහින්දට හේත්තුවෙලා වාහනයක් කාරිය අරගෙන ඉන්නකොට මහින්දට කණකොකා හඬන බව පෙනුණා. වාහනත් එපා මහින්දත් එපා කියලා මෛත්‍රී පාලනයට හේත්තුවෙලා කාබනික සූත්තරයක් පත්තු කරගෙන හිටියා. දැන් ගෝඨාගේ පැත්තට හොඳයි වගේ පෙනෙන නිසා චුට්ටක් තැටිය මාරු කරන්න බැලුවා. ඕවත් ප්‍රශ්නද මල්ලි කියා රතන සූත්තර ඇසුවේය.

ඇත්ත නේන්නම් මට අමතක උනානේ , සේනා දළඹුවාටත් කාබනික ප්‍රහාරයක් දෙන්නනේ හැදුවේ. සේනා මර්දනයට මොකද වුණේ කියා තැනැත්තා ඇසුවේය.

සේනා මර්දනෙට මම ඉල්ලපු අක්කර ප්‍රමාණය ලැබුණෙ නැති නිසා වැඩේ අත්ඇරලා දැම්මා කියා රතන සූත්තර කීවේය.

අනුන්ට ලියුම් දී ඉන්නෙ නැතුව ජනාධිපති ධුරයට නාමයෝජනා දුන්නා නම් තමන්ටම ඔය ටික කරන්න තිබුණා නේද කියා තැනැත්තා ඇසුවේය.

නාම යෝජනා දුන්නොත් ඡන්දෙ හම්බ වෙයිද කියා රතන සූත්තර ඇසුවේය.

මගේ අම්මෝ මිනිස්සු ඡන්දය දෙයි දොඹෙන්. මෑතකාලයේ ගහපු රතන සූත්තර මිනිස්සුන්ට අමතක තියෙනවා කියා තැනැත්තා කීවේය.

ඔය කියන්නෙ මොනවා ගැනද කියා රතන සූත්තර ඇසුවේය.

පාස්කු ප්‍රහාරය වෙලාවේ දළදා මාලිගාව ළඟ දාපු රංගනයම වුණත් මදිද කියා තැනැත්තා කීවේය.

ඒ ගැන මිනිස්සු කීවේ මොනවද කියා රතන සූත්තර ඇසුවේය.

ප්‍රසිද්ධියේ කුණුහරුප කියන්නට තමන් එතරම් කැමති නැහැ කියා කියූ තැනැත්තා කීවේ කුරුණෑගල දොස්තරගේ සිද්ධිය, නැගෙනහිර විශ්වවිද්‍යාලය වගේ ප්‍රශ්න වල දී මිනිස්සු පාවිච්චි කළේ එකම වචන සෙට් එකමයි කියාය.

බැරිවෙලා හරි ජනාධිපති ඡන්දෙට එන්න හිතුනොත්මටත් මතක් කරන්න කියා තැනැත්තා කීවේය.

ඒ මොනවටද ? මනාපයක් දෙන්න ද? කියා රතන සූත්තර ඇසුවේය.

ඡන්දේ දින්නොත් තනතුරකට කෙනෙක් යෝජනා කරන්න කියා තැනැත්තා කීවේය.

අගමැති කමටද ද කියා රතන සූත්තර ඇසුවේය.

ආරක්ෂක ඇමති කමට ,ආරක්ෂක ලේකම් කමට, නැත්නම් බුද්ධි අංශ ප්‍රධානී තනතුරට කියා තැනැත්තා කීවේය.

කවුද තැනැත්තා මමත් දන්න කෙනෙක්ද කියා රතන සූත්තර ඇසුවේය.

මොකද නොදන්නේ. එකට වැඩකරන කෙනෙක් කියා තැනැත්තා කීවේය.

එකට වැඩ කරන්නේ මොනවාටද කියා රතන සූත්තර ඇසුවේය.

වෙන මොනවටවත් නෙමෙයි. ගෝඨාභයට තැනක් අරන් දෙන්න කියා තැනැත්තා කීවේය.

එයාගේ නම මොකක්ද? කියා රතන සූත්තර ඇසුවේය.

මැල්කම් රංජිත් කියලා කාදිනල් කෙනෙක්, දැන් බුද්ධි අංශ තොරතුරු සේරම ලැබෙන්නේ එයා ගාවට ආරක්ෂක ඇමති කමට කියාපු පොර කියා තැනැත්තා කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *