ගෝඨාභයගේ පුරවැසි ප්‍රශ්නය එලියට දැම්මේ මැදමුලනෙන්

පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පුරවැසි ප්‍රශ්නය මතුවීමේ ආරම්භය සිදුව ඇත්තේ රාජපක්ෂ පවුල අභ්‍යන්තරයෙන්ම බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

මිට අදාල මුලික ඉගියක් ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ උපදෙස් මතය එක්සත් ජාතික පක්ෂය සමග මෙන්ම හිටපු ජනපතිනි චනද්‍රිකා බණ්ඩාරනායක සමගද සමීපව කටයුතු කරන මහින්ද රාජපක්ෂගේ පැරණි මිත්‍රයෙකු හරහා මිට අදාල මුලික ඔත්තු සැපයීම සිදුව ඇත.

ඔත්තු සැපයීමෙන් පසුව කිසිවකට මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් මැදිහත් වී නැති අතර සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් අදාල තොරතුර වැඩි දුරටත් ගවේෂණය කර තිබේ.ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ ගැටළු සියල්ල අනාවරණය කර ගැනීමට ඔවුහු සමත් වනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස පොදුජන පෙරමුණේ ඉල්ලීම ප්‍රබල වීම නිසා ඊට එකඟ වුවද මහින්ද රාජපක්ෂ එය වැලැක්වීමට අවසාන මොහොතේ පවා කටයුතු කළේය.ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව විධායකය අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීම සදහාද මහින්ද රාජපක්ෂ මැදිහත් වී තිබේ.අගමැතිවරයා විසින් විධායකය අහෝසි කිරීමට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම වෙන වෙනම මහින්ද රාජපක්ෂ සමග මේ සම්බන්ධයෙන් කෙටි සාකච්ඡා පවත්වා ඇත්තේ ඒ අනුවය.

චමල් රාජපක්ෂ හෝ ශිරන්ති රාජපක්ෂ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇත්තේද මහින්ද රාජපක්ෂගේ මේ සුදානම සම්බන්ධයෙන් ඉව වැටීමත් සමගය.එසේම වියත් මග සංවිධානය මගින් පැවැත්වූ රැස්වීම වලට බාධා කිරීම් සිදු වුයේද ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමේ අරමුණ ඇතිව බව හෙළිවේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ ගෝඨාභය රාජපක්ෂ අතර ගැටුමක් මතු වන්නේත්,ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ එල්.ටි.ටි.ඊ සම්බන්ධකම් පිලිබදව ගෝඨාභය රාජපක්ෂ තර්ජනය කර ඇත්තෙත් මේ ගැටුම නිසා බවද අදාල ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර බැසිල් රාජපක්ෂ විසින් වෙනම පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් නඩත්තු කිරිම සිදුව ඇත්තේද මහින්ද රාජපක්ෂගේ අනු දැනුම මතය . පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තේරී පත්වූ නවක පළාත් පාලන මන්ත්‍රීවරුන් සදහා වෙනම වැඩමුළු පැවැත්වීමේ වැඩසටහන වියත්මග හරහා සිදුකිරීමට සුදානම්ව සිටියත් බැසිල් රාජපක්ෂ එය ලබා දී තිබුනේ ඔහුට සමීප කොළඹ නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරාටය.

ලංකා ඉරිදා සංග්‍රහය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *