සජිත් නිසා ‌ගෝඨා පරාදයි – තරඟයේ වැඩි වාසිය සජිත් ප්‍රේමදාසට – වික්ටර් අයිවන්

ජනාධිපතිවරණයකට මුලු රටම සූදානම් වෙලා තියෙනව. නමුත් ඊළඟ ජනාධිපති ඉන්න ජනාධිපතිට තරම්වත් බලයක් නැති නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් තමයි තේරීපත්වෙන්නෙ. ඒක මහජනයා හොඳින් දන්නෙ නෑ. මේ ජනාධිපති තේරීපත් වු මොහොතේ සිටම රාජ්‍යයේ සියලු බලතල ආපහු පාර්ලිමේන්තුවට යනව. ජනාධිපතිවරයාට ඇමති ධුරයක්වත් දරන්න බෑ. ඇත්තටම එයා බොහෝදුරට නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් පමණයි වෙන්නෙ. නමුත් විලියම් ගොපල්ලව ගත්තොත් එයා තෝරාපත්කර ගත්තෙ අගමැතිවරයා විසින්. නමුත් මේ ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තේරීපත්වෙන්නෙ. මහජන ඡන්දයෙන් තේරීපත්වෙන නිසා ජනාධිපති වරයෙක් බලවත් කියල කීමේ හැකියාවක් තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන බලතල මිසක් ඊට එහා ගිය බලතල භුක්තිවිඳීමේ අයිතියක් ජනාධිපතිවරයාට නැහැ.

ඉතාම බරපතලම කාරණය තමයි මුලු රටම මැතිවරණ ගැන තමයි තමන්ගේ අවධානය යොමු කරල තියෙන්නේ. නමුත් මුළුරටම දරුණු අර්භුබුදයක තියෙන්නෙ. ප්‍රභාකරන් විජේවීර වගේ අය ජීවතුන් අතර සිටිය දී කැරලි ගහන කාලේ තිබුණු අරුබුදයටත් වඩා ලොකු අර්බුදයකයි අද ලංකාව තියෙන්නෙ. නමුත් ප්‍රභාකරන් කෙනෙක්වත් විජේවීර කෙනෙක්වත් නැතුව. රජ්‍යයේ සමස්ත ආයතන ක්‍රමයේ දරුණු බිඳවැටීමක් තියෙනව. ඒ වගේම සමස්ථ සමාජ ක්‍රමයේ දරුණු බිඳවැටීමක් තියෙනව.

මැතිවරණ මේ ප්‍රශ්ණවලට විසඳුමක් නෙමේ ඇත්තටම. ලංකාවට අවශ්‍යවෙලා තියෙන්නෙ ඇත්තටම ව්‍යුහමය ප්‍රතිසංස්කරණ. විශේෂයෙන්ම ක්‍රමයේ වෙනසක් කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වෙච්ච දේවල් දිහා ආපසු හැරී බලන, ආයතන ක්‍රමයේ ඇතිවෙලා තියෙන බිඳවැටීම හා සමාජක්‍රමයේ ඇති වෙලා තිබෙන බිඳවැටීම සැලකිල්ලට අරගෙන කරන ව්‍යුහමය ප්‍රතිස්ංස්කරන තමයි ලංකාවට අවශ්‍යවෙලා තියෙන්නෙ.

ජනාධිපතිවරණ දිහා බැලුවම ඇත්ත වශයෙන්ම විකල්ප ව්‍යාපාර වෙනුවෙන් පුද්ගලයින් ගණනාවක් තරඟ වැදුනත්, ප්‍රධාන තරඟය තියෙන්නේ ප්‍රධාන පක්ෂදෙකේ දෙන්නා අතර. ගෝඨාභය හා සජිත් ප්‍රේමදාස අතර. ඇත්ත වශයෙන්ම ඒ තරඟයේදි මම දකින්නේ රනිල් වික්‍රමසිංහ හෝ කරු ජයසූරිය තරඟ කළා නම්, ගෝඨාභයට දැවැන්ත ජනග්‍රහණයක් ලබාගැනීමේ හැකියාවක් තිබුණ. ඒත් සජිත් ප්‍රේමදාස තරඟබිමට ආවයින් පස්සේ මා දකින්නේ ලොකු ගැඹුරු වෙනසක් ඡන්ද පදනමේ ඇති කරනව. ඒකට හේතුව සජිත්ට ලොකු විසඳුම් තියෙන නායකයෙක් නිසා නොවේ. නමුත් සජිත් සැලකෙන්නේ පීඩිත හා දුප්පත් ජනයාගේ කෙනෙක්, නායකයෙක් හැටියට. ඇත්තටම ඒ ජනයාගේ සංඛ්‍යාව හරි විශාලයි. ඒ ගොල්ලන්ගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ මේ තරඟකරුවන් දෙන්න අතරින් සජිත්ට. ඒක නිසා මම පුද්ගලිකව හිතන දෙයක් තමයි මේ තරඟයේ වැඩි වාසිය තිබෙන්නේ සජිත්ට. ඒක හරියටම ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂය හා මෝදිගේ පක්ෂය අතර ඇතිවෙච්ච තරඟය වගේ තරඟයක් තමයි දැන් පෙනෙන්නට තියෙන්නේ. ඒ කියන්නේ මෝදි හුඟක් පහලින් ආව කෙනෙක්. ඒ නිසාම මෝදිට දැවැන්ත සමාජ බලයක් තිබුණා. එතනදි ගණන්ගන්නෙ මෝදි අපේ ප්‍රශ්න විසඳයිද කියන එක නෙවෙයි. මිනිස්සුන්ට ආශ්වාදයට හේතුවෙන්නෙ අපේ කෙනෙක් රජවීම කියන එක. පහළින් ආපු කෙනෙක් රජවීම අපිට හොඳයි කියන ආකල්පය තමයි ඇති වෙන්නෙ. ඉස්සරයටත් මෝදි පරද්දන්න ඕනෙ නම් ඇත්තටම මෝදි වගේ කෙනෙක් තමයි තරඟබිමට දාන්න වෙන්නෙ ඉන්දියන් කොන්ග්‍රස් පක්ෂයට. ඒවගේ වෙනෙසක් තමයි ලංකාවේ දැන් ඇතිවෙලා තියෙන්නෙ. ඇතිවෙමින් තියෙන්නෙ මම හිතනවා ඇත්තටම ඒනිසා තරඟයේ වැඩි වාසිය දැන් ලැබිලා තියෙන්නෙ සජිත් ප්‍රේමදාසට.

ඒකියන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉතාමත් දුප්පත් හා පීඩිත ජනතාව කෙරෙහි ලොකුබලපෑමක් කෙරුවා. ඇත්තටම ඒගොල්ලන්ව බලාගත්තා. එයාගෙ තමයි ඔය ඇඟලුම් කර්මාන්ත, ජනසවි ගොඩාක් දේවල්. දුප්පතුන්ගේ සහනාධාර වැඩ සියල්ලම වගේ එයාගෙ. ඒවා තමයි විවිධ නම් වලින් ආපහු ඒහාට මෙහාට කරකවල දැන් ආපහු ක්‍රියාත්මක වෙන්නෙ. සජිත් ප්‍රේමදාසට ඒකත් එක්ක ආපු හංවඩුවක් තියෙනව.

සාමාන්‍යයෙන් දුප්පත් හා පීඩිතම ජනයා සජිත් දකින්නේ ගැලවුම් කාරයෙක් විදිහට. ඒක සමාජයේ විශේෂයෙන්ම ඡන්ද පදනමේ ලොකු ගැඹුරු වෙනසක් ඇති කරනව මගේ මතය. මම දකින්නේ ඇත්තටම සජිතුයි ගෝඨයි අතර තරඟයේ දී සජිත් පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා කියල.

පීඩිතයි කිව්වම සිංහලයින් කෙරෙහි විතරක් නෙමෙයි සජිත් බලපාන්නේ. පීඩිතයි කිව්වම උතුර කෙරෙහිත් බලපානවා. වතුකරය කෙරෙහිත් බලපානව. ඒගොල්ල පීඩිතයි. ඒගොල්ල කාගෙත් ආශ්වාද ජනක නායකයෙක් තමයි සජිත්. ඒක ගෝඨට නෑ. ගෝඨට තියෙන්නේ වෙනම පදනමක්. සජිත්ට තියෙන වාසිය තමයි යූ.එන්.පී. පදනමට අතිරේඛව අනික් අයගේ පදනම් වලින් ඡන්ද ලොකු සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන්. ඒක මම හිතනව සජිත්ගේ ඉදිරිපත්වීම පොදුජන පෙරමුණටත් බලපානව. ඡන්ද පදනමට ජේ.වී.පී. එකටත් බලපානව. හුඟාක් පීඩිත අය තෝරාගැනීමේ දී පහසුවෙන්ම සජිත්ව තෝරගන්නවා. එතකොට බලන්නේ සජිත් දාර්ශනිකයෙක් ද, මහා ඉදිරි දැක්මත් තියෙනවද ඒවා නෙමෙයි. මගේ මතය සජිත්ට ජයග්‍රහණය කරන්න වැඩි ඉඩක් තියෙනව. ඒක තමයි මගේ මතය.    

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *