පොහොට්ටුව ඇතුලේ අවුල්… අපට හැදි දෙකකින් බෙදනවා..- චන්දිම වීරක්කොඩි

මේ වන විට පක්ෂය අභ්‍යන්තරව ඇතිවී තිබෙන අවුල විසඳා දෙන ලෙස නායකත්වයෙන් ඉල්ලීමක් කළ බව ගාල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

පක්ෂය තුල මේ වන විට හැඳි දෙකකින් බෙදන ප්‍රතිපත්ති විරුද්ධ බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් තමන් එක්සත් ජාතික පක්ෂයට යාමට තීරණයක් ගෙන නැතැයිද පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂ සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ගියා කියා වෙනස් විදියට සලකනවා නම් ඊට විරුද්ධ බවද සඳහන් කළේය.

මේ සියලු කරුණු ගැන පක්ෂ නායකත්වයට මතක් කර ඇති බවත් එම අවුල් ලිහාගත යුතු බවත් ඔහු පැවසුවේය.

කිසිම හේතුවක් මත තමන් වෙනත් පක්ෂයකට යන්නේ නැතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

lanka c news

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *