ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට සහය දෙන්නේ නැහැ – වෙල්ගම

ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා අද(7) පවසා ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතු බවට වන ස්ථාවරයේ තමන් දැඩිව සිටින බවත් පැවසූ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දුනහොත් කෙටිකාලීනව දේශපාලන විවේකයක් ලබා ගන්නා බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉල්ලා ජයග‍්‍රහණය කිරීමට නොහැකි බව හැඟී ගිය හෙයින් මෙවර නාම යෝජනා භාර නොදුන් බවත් වෙල්ගම මහතා සඳහන් කළේය.

රාජපක්ෂවරුන්ට පමණක් තරග බිමට ඒමට අවස්ථාවක් ලබා දිය නොහැකි බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට දිනේෂ් ගුණවර්ධන මහතා හෝ ඉදිරිපත් වූයේ නම් තමන්ට ගැටලුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
 
චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් භාරදී නාම යෝජනා භාර නොදුන් බැවින් තමන්ද නාම යෝජනා භාර නොදී සිටීමට අවසන් මොහොතේ තීරණය කළ බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් පැවැසීය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *