ජනාධිපතිවරණයට නාමයෝජනා 35 ක්. වෙල්ගම, චමල් නැ..

2019 ජනාධිපතිවරණය සඳහා ඊයේ ( 06) වැනිදා වන විට අපේක්ෂකයෝ 41 දෙනකු ඇප තැන්පත් කර තිබු අතර අද   ඉන් 35 දෙනකු නාම යෝජනා බාර දුන්හ.

ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 6 දෙනකු  අද නාම යෝජනා බාර දීම සඳහා පැමිණ නොසිටියේය. ඒ අතර චමල් රාජපක්ෂ මහතා සහ කුමාර වෙල්ගම මහතාද වේ.

ජනාධිපතිවරණය සඳහා   ඉදිරිපත් වූ නාම යෝජනා සියල්ල පිළිගත් බවත්  නාම යොජනා  බාරදීමෙන් පසු ඉදිරිපත් වූ විරෝධතා දෙකම  පනතේ  විධිවිධාන අනුව  ප්‍රතික්ෂේප වූ බවත්  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ජනසෙත පෙරමුණේ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් ස්වාධීන අපේක්ෂක එම්. එල්.ඒ.එම්, හිස්බුල්ලා මහතාට  එරෙහිව විරෝධතාව ගොනු  කර තිබු අතර , නව සිහල උරුමය අපේක්ෂක සරත් මනමේන්ද්‍ර මහතා විසින්  ස්වාධින අපේක්ෂකයකු වූ එම්.කේ සිවාජිලිංගම් මහතාට එරෙහිව විරෝධතාව ගොනු කර තිබිණි. 

 එම විරෝධතා දෙකම   මෙලෙස ප්‍රතික්ෂේප විය .

2019 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයන් මෙසේය.

සජිත් ප්‍රේමදාස මහතා – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
ගෝඨාභය රාජපක්ෂ මහතා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අනුර කුමාර දිසානායක මහතා – ජාතික ජනබල ව්‍යාපාර (පිළිගත් දේශපාලන පක්ෂයක් නොවේ)
මහේෂ් සේනානායක මහතා – ජාතික ජනතා පක්ෂය
වජිරපානි විජයසිරිවර්ධන මහතා – සමාජවාදී සමානතා පක්ෂය
සිරිතුංග ජයසූරිය මහතා – එක්සත් සමාජවාදී පක්ෂය
බත්තරමුල්ලේ සීලරතන හිමි – ජනසෙත පෙරමුණ
අජන්තා විජේසිංහ පෙරේරා මිය – ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය
ඒ.එස්.පී. ලියනගේ මහතා – ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
සමන් ප්‍රසන්න පෙරේරා මහතා – අපේ ජනබල පක්ෂය
දුමින්ද නාගමුව මහතා – පෙරටුගාමී සමාජවාදී පක්ෂය
ප්‍රියත් මුනිහත් එදිරිසිංහ මහතා – ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු
ආරියවංශ දිසානායක මහතා – ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ
අජන්ත ද සොයිසා මහතා – රුහුණු ජනතා පක්ෂය (පිළිගත් දේශපාලන පක්ෂයක් නොවේ)
රොහාන් පල්ලේවත්ත මහතා – ජාතික සංවර්ධන පෙරමුණ
නාමල් රාජපක්ෂ මහතා – ජාතික සමගි පෙරමුණ
අරුන ද සොයිසා මහතා – ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය
සරත් මනමේන්ද්‍ර මහතා – නව සිහළ උරුමය
සුබ්‍රමනියම් ගුණරත්න මහතා – අපේ ජාතික පෙරමුණ
අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි – ස්වාධීන
එම්.කේ. සිවාජිලිංගම් මහතා – ස්වාධීන
සිරිපාල අමරසේන මහතා – ස්වාධීන
සරත් විජිතකුමාර කීර්තිරත්න මහතා – ස්වාධීන
අශෝක වඩිගමංගාව මහතා – ස්වාධීන
අනුරුද්ධ පොල්ගම්පල මහතා – ස්වාධීන
මිල්රෝයි ප්‍රනාන්දු මහතා – ස්වාධීන
අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි මහතා – ස්වාධීන
එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා – ස්වාධීන
ඉල්ලෙයාස් අයිදුරුස් මොහොමඩ් මහතා – ස්වාධීන
බසීර් සේගුදාවුද් මහතා – ස්වාධීන
පියසිරි විජයනායක මහතා – ස්වාධීන
රජිව් විජේසිංහ මහතා – ස්වාධීන
සමරවීර වීරවන්නී මහතා – ස්වාධීන
ජයන්ත කැටගොඩ මහතා – ස්වාධීන
සමන්සිරි හේරත් මහතා – ස්වාධීන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *