අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව වියන්ගොඩ සහ තේනුවර ශ්‍රේෂ්ඨාධිකරණයට !

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කිරීමට මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ මහත්වරුන් තීරණය කර ඇතැයි වාර්තා වේ. 

මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරමින් පෙරේදා (04) දිනයේදී තීන්දුවක් ලබාදුන් නමුත් ඊට හේතු දැක්වීමක් අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු විනිසුරු මඬුල්ල එදින සිදුකළේ නැත. එම සම්පූර්ණ තීන්දුව ප්‍රකාශයට පත්වීමට නියමිතව ඇත්තේ හෙට (07) දිනයේදීය. 

එම සම්පූර්ණ තීන්දුව ප්‍රකාශයට පත්වූ වහාම ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට වියන්ගොඩ සහ තේනුවර යන මහත්වරුන් සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

ඒ අනුව කලක් බලයෙන් මත්ව වියරුවෙන්, නීතිය තඹයකට නොතකා කටයුතු කළ ඉතිහාසයක් ඇති, අනාගතයේදී යළි බලයට පත්වීමේ අවදානමක් ද ඇති ගෝඨාභය රාජපක්ෂ වැනි අයෙකුට එරෙහිව පුරවැසියන් ලෙස නොබියව අභියෝග කිරීමෙන් සහ සටන අත් නොහැරීමෙන්  මේ පෙන්වා සිටින ධෛර්යය සම්බන්ධයෙන් චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ මහත්වරුන්ට අපේ ආචාරය ! 

LANKA NEWS WEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *