අයවැය හා ප්‍රතිගාමිත්වයේ ඒකාබද්ධ සටන – අජිත් පැරකුම් ජයසිංහ

පසුගිය ජනවාරි 08දා අපි විප්ලවයක් කළෙමු. එහෙත්, එය සමාජවාදී විප්ලවයක් නො වේ. එය වනාහි නැගී ආ ෆැසිස්ට් ඒකාධිපතිත්වයක් පැරදවූ ප්රනජාතාන්ත්රිතක විප්ලවයකි.

අප තවමත් සිටින්නේ ධනවාදය තුළ ම ය. සමාජවාදය මනෝමූලික වශයෙන් මුළුමනින් ම වාගේ පරාජිත ය. වාමාංශිකයන් අණු, පරමාණු දක්වා බිඳී, විසිරී සිටීම වෙන ම කාරණයකි. ගතානුගතික මාක්ස්වාදීන් මේ වන විට සිටින ස්ථාවරයන් නිරීක්ෂණය කළ යුතු ය. ඔවුන් එක්ව සිටින්නේ සමාජයේ ප්රථතිගාමී ම පංති හා ස්ථර සමගයි.

ඔවුහු අනියමින් මෙන් ම නියමින් ද ෆැසිස්ට් ප්රංතිගාමිත්වයට සේවය කරති. පැරණි වාමාංශික පක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන වාසුදේව නානායක්කාර කුණුහරුප දොඩවන විහිළුකාරයකු වී සිටියි. ජනතා විමුක්ති පෙරමුණට හා එහි නායකයාට දේශපාලන හා ව්යාදපාරික ඩීල් ගැන චෝදනා එල්ල කරන්නේ පක්ෂයෙන් කැඩී ගිය පිරිස් ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කිසිදු තේරීමකින් තොරව සියලු ප්රාතිගාමිත්වයන් සමග සන්ධානගත වන අයුරු දක්නට ලැබේ.

එක්සත් ජාතික පක්ෂය හා ශ්රීයලනිපයේ කොටසක් එක්ව පිහිටුවාගෙන තිබෙන ජාතික ආණ්ඩුවක් ලෙස හඳුන්වනු ලබන හවුල් ආණ්ඩුවේ 2016 අයවැය යෝජනා සාපේක්ෂ වශයෙන් ගත් කල අවස්ථානුකූල ය. ශ්රීය ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ගැටලු සමුදායකට එමගින් ආමන්ත්රාණය කර තිබේ. ඒ අතරවාරයේ ආර්ථික, දේශපාලනික හා සමාජමය වශයෙන් වැදගත් ප්රිතිසංස්කරණ මාලාවකට ද අයවැය විසින් මුල පුරා තිබේ. ඒ සියල්ල කරන්නේ පීඩිත සමාජ කොටස් අතර ජනප්රි යත්වය රැක ගන්නට ද දුෂ්කර උත්සාහයක් දරමිනි.

ශ්‍රී ලංකා රජය මේ මොහොතේ දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව ඇත්තකි. එයට ප්ර ධාන හේතුව අන් කිසිවක් නොව පසුගිය කාලයක් මුළුල්ලේ ගොඩගැසුණු විදේශ ණය කන්දරාවයි.ශ්‍රී  ලංකා රජය මේ වන විට විදේශවලට පමණක් ඩොලර් බිලියන 50කට වඩා ණය ය. ණය පොළී හා වාරික ගෙවීමට රජයේ සමස්ත වියදමෙන් 40%ක් පමණ වෙන් කෙරේ.ලංකාව මුල් කාලයේදී විදේශ ණය ලබා ගත්තේ මහවැලි සංවර්ධන ව්යාකපාරය වැනි නිශ්චිත ඉලක්කගත සංවර්ධන ව්යාිපෘති සඳහා ය. ණයත්, නාස්තිය හා දූෂණයත් අතර සම්බන්ධය මහින්දගේ කාලයේදී උපරිමයට ළඟා විය. දැන් ණය ගැනීම වැඩි වශයෙන් සිදු වන්නේ සංවර්ධන ව්යා.පෘතිවලට වඩා ගත් ණය ආපසු ගෙවීමට හා එදිනෙදා වියදම් පියවා ගැනීමටයි. මේ ආණ්ඩුව ද ණය ගැනීම අඩු කර නැති බව කිව යුතු ය.

මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ මනා රාජ්ය මුල්ය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම, ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගනිමින් නිෂ්පාදන හා සේවා අංශ සංවර්ධනය කිරීම හා ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමයි. මාක්ස්වාදී මූලධර්ම මත පිහිටි ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණියත් මේ මොහොතේ කළ හැකි දෙය වන්නේ එයයි. වෙනත් දෙයක් තිබේ නම් මාක්ස්වාදීන් ඒ කුමක් ද යන්න විවෘතව කිව යුතු ය.

ප්‍රතිගාමී මහින්ද රාජපක්ෂ බලවේගයට පහසුකම් සපයමින් සිටින මාක්ස්වාදීන් ඇත්තෙන් ම කරන්නේ කුමක් ද? ඔවුන් මේ මොහොතේ පෙනී සිටින්නේ ධනේශ්වර රාජ්ය්ය දැනටත් වඩා ශක්තිමත් කිරීම සඳහා ය. රජය පාසල් දරුවන්ගේ නිල ඇඳුම පාසල්වලට ගෙනැවිත් දෙන තරමට සමාජ ජීවිතයට මැදිහත් වෙමින් පුළුල් විය යුතු බව ඔවුහු අවධාරණය කරති. ඒ වෙනුවෙන් අතිශය දැවැන්ත රාජ්යත සේවයක් ගොඩනැගීම වෙනුවෙන් ඔවුහු පෙනී සිටිති. එසේ ම ඔවුන් පදනම් වන්නේ ද මූලික වශයෙන් ම රාජ්යෙ සේවයේ යෙදී සිටින මධ්ය ම පංතිය මත ය. මිලියන 20ක් පමණ වන ලාංකීය ජනගහණය වෙනුවෙන් රජයේ සේවකයෝ මිලියන 1.5ක් පමණ සිටිති. එහෙත්, රාජ්ය. සේවයේ කාර්යක්ෂමතාව අන්තයට ම පිරිහී තිබේ. රාජ්යහ සේවයට තව තවත් බඳවා ගැනීම් කරමින් පීඩිත ජනතාව මත බර පටවන එක නතර කළ යුතු ය. කළ යුතුව තිබෙන්නේ රජයේ සේවය තව තවත් පුළුල් කිරීම නොව, එහි කාර්යක්ෂමතාව නැංවීමයි.

මෙම මධ්‍යම පංතිය ගැන විශේෂයෙන් කතා කළ යුතුව තිබේ. ඔවුන් කෙතරම් ප්‍රතිගාමී පංතියක් ද යන්න මේ මොහොතේ ඔප්පු කරමින් සිටිති. මෙම අයවැයෙන් ලංකාවේ දිළිඳු හා කම්කරු ජනයාට සුවිශේෂ සහනයක් ලබා දී නැත. විශේෂයෙන් ම ආර්ථිකයේ ප්රිධාන කුළුණු වන ගෘහ සේවිකාවන් ප්ර මුඛ විදේශ ශ්ර්මිකයන්, නිදහස් වෙළඳ කලාප කම්කරුවන්, වතු කම්කරුවන් වැනි අය වෙනුවෙන් විශේෂ යෝජනා නැත. අඩු තරමේ පොදු ප්රුවාහන සේවා දියුණු කිරීම වෙනුවෙන් හෝ කැපී පෙනෙන ආයෝජන නැත.

එහෙත්, මාක්ස්වාදීන් හා රාජපක්ෂවාදීන් මේ මොහොතේ එල්ලී සිටින්නේ කුමන සටන් පාඨවල ද යන්න විමසා බැලිය යුතු ය. ලංකාවේ පීඩිත ජනතාව විධිමත් පොදු ප්‍රවාහන සේවා නොමැතිව දුක් විඳිද්දී ඔවුන් පෙනී සිටින්නේ දේශපාලකයන් හා ජේෂ්ඨ රජයේ නිලධාරීන්ට වසර පහකට වරක් මහජන මුදලින් රුපියල් මිලියනයකට වැඩි මුදලක් කොල්ල කා ගත හැකි තීරු බදු රහිත වාහන බලපත්රැය වෙනුවෙනි. වෛද්යහවරුන් මේ වන විටත් වර්ජනය කරන බවට තර්ජනය කරමින් සිටිති. ඔවුන්ට වාහන ගැනීමට මහජන මුදලින් රු. මිලියනයක් දෙන බව මුදල් ඇමතිවරයා පැවසී ය. දේශපාලකයන්ට හා සෙසු ජ්යේමෂ්ඨ රාජ්ය නිලධාරීන්ට ද දැන් එවැනි අපූරු සහන අවශ්යස වී තිබේ. බලපත්රදය හොර පාරේ විකුණමින් කරන මේ මංකොල්ලයට වඩා රුපියල් මිලියනයක වරදානයක් කෙළින් ම පිරිනැමීම ගිනුම්ගත ය;

රජය බ්ලැක්මේල් කිරීමට සැරසෙන මෙම ප්‍රතිගාමී නිලධාරි පැළැන්තිය සමග ඉදිරි කාලයේදී එක පෙළට සිට ගන්නේ කවුරු ද යන්න බලා ගත හැකි වනු ඇත.

රජයේ අයවැය යෝජනා අතර කැපී පෙනෙන ලක්ෂණ කීපයක් තිබේ. ඒවා මෙසේ ය:

අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය
සහනාධාර ක්‍රම  අධෛර්ය කිරීම
වාහන භාවිතය අධෛර්ය කිරීම
ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම
සුළු හා මධ්‍ය  පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීම

එහෙත් රාජ්යය මුල්යණ විනය පවත්වාගෙන යාමේ දැවැන්ත අභියෝගය හමුවේ තවමත් ආණ්ඩුව අසාර්ථක ය.

ප්‍රතිගාමිත්වයේ බහු පෙරමුණු ඒකාබද්ධ සටන හමුවේ අයවැයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දය ලැබීම කැපී පෙනෙන ජයග්රිහණයකි.

 

අජිත් පැරකුම් ජයසිංහගේ  w3lanka බ්ලොග් අඩවියෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *