ගොටභයාගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කරයි ; හේතු තවම දැනගන්න නැහැ

ගොටභය රාජපක්ෂ මහතාගේ මෙරට පුරවැසිභාවය පිළිගනිම වලක්වන ලෙස ඉල්ලා ගොනුකර තිබු පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීරණය කොට ඇත . එයට අධිකරණයේ කරුණු දැක්වීම මෙතෙක් අපට ලැබී නැත . එම කරුණු දැක්වීම මත බොහෝ දේ තීරණය වන බව නීතිඥයෝ කියති . ගොටභය රාජපක්ෂ මහතා නිත්‍යානුකුල ලෙස ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන ඇති බව අධිකරණය පිළිගෙන ඇත්නම් එය ඒ මහතාගේ නිසැක ජයග්‍රහණයකි . එසේ නැතිව වෙනත් කරුණු මත තීන්දුව දී ඇත්නම් එහි බලපෑම වෙනස් විය හැකිය .

මේ අතර හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීම සදහා අද අප මුදල් තැන්පත් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *