මම කාටවත් අල්ලස් දුන්නේ නැහැ – මගෙන් ගත්තේ කප්පම් – අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති

තමන් කාටවත් අල්ලස් නොදුන් බවත් , තමන් ගේ ව්‍යාපාරය විනාශ කරන බව කියා කප්පම් ලබාගත් බවත් , ඉල්ලු මුදල ලබා නොදුන් නිසා ව්‍යාපාරය විනාශ කළ බවත් , අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කොට ඇත . ඔහු කියන්නේ කිසිවකුට අල්ලස් දීමට තමන් කිසිදු නීති විරෝධී ව්‍යාපාරයක් සිදුකොට නැති බවයි .

තම ව්‍යාපාරය ආණ්ඩු බලය යොදාගෙන විනාශ කිරීම නිසා 7000ක් පමණ රණවිරුවන් පිරිසකට රැකියා අහිමි වී ඇති බවත්, ඔවුන්ගේ දරු පවුල් අනාථ වී ඇති බවත් , එම පවුල්වල දරුවන්ගේ පාසල් ගමන් පවා ප්‍රශ්න බවට පත්ව ඇති බවත් සේනාධිපති මහතා කියයි . හමුදාවෙන් ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුපෙන් මොවුන් නඩත්තු වියයුතු බව කීම පවා අමානුෂික ප්‍රකාශයක් බවද ඒ මහතා කියා ඇත .

අල්ලස් දීම පිලිබදව ඕනෑම පරීක්ෂණයකට තමන් සුදානම් බවද , තමන් බයකර කප්පම් ගත් ආකාරය ගැන සියලු තොරතුරු තමන් සතු බවද සේනාධිපති මහතා මාධ්‍යවෙදීන් සමග පවසා තිබේ .

තමන් දුන් මුදල් ආපසු දුන් බව ඇතැමුන් කීවද සතයක් වත් ආපසු නොලැබුණු බවත් , මුදල් චෙක්පත් මගින් ලබාදුන්නේ ඕනෑම පරීක්ෂණයකට සුදානමින් බවත්  , මුදල් ලබාගත්තේ කවුදැයි චෙක්පත් පරීක්ෂාවෙන් සොයාගත හැකි බවත් , අවන්ගාඩ් අධිපතිවරයා කියා ඇත .

කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ අල්ලස් දීම ගැන සොයන්නයි තමන්  ඇතුළු ඇමතිවරුන් තිදෙනකු පොලිස්පතිවරයාට පැමිණිලි කොට ඇති බවයි .අල්ලස් දුන් අයත් ගත් අයත් එම පරීක්ෂණයෙදී සොයාගත හැකිවන බව ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත .

කෙසේ වෙතත් අවන්ගාඩ් සභාපතිවරයාගෙන්  කටඋත්තරයක් හෝ ගැනීමට පොලිසිය මේ වනතෙක් කටයුතු කොට නැත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *