මංගල රැලියට ගෝඨා නැ. යළි සිංගප්පූරු යන්න අධිකරණයෙන් අවසර ඉල්ලයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කර සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල රැලිය ඔක්තෝම්බර් 9 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විටත් සුදානම් කර තිබේ. නමුත් තම මැතිවරණ ව්‍යාපාරයේ මංගල ජනරැළියටත් සහභාගී වීමට නොහැකි වන තත්වයක් උද්ගත වී තිබේ. 

ඔක්තෝබර් 09 වනදා සිට 12 වනදා දක්වා යළි සිංගප්පූරුව බලා යාමට අවසර දෙන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. 

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙසේ සිංගප්පූරුව බලා යාමට අවසර ලබාදෙමින් තමන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඒ මහතා සිය මෝසමෙන් ඉල්ලීම් කර ඇති බව සඳහන්. 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව ඔක්තෝබර් 05 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති අතර ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදලින් රුපියල් තුන්කෝටි තිස්නව ලක්ෂයක් අවභාවිතා කිරීම පිළිබඳව ඒ මහතාට එරෙහිව විශේෂ මහාධිකරණයෙහි ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *