ගෝඨා ජනාධිපතිවරණයට පෙර අවුට් විය හැකිය – වික්ටර් අයිවන්

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ හා මහාචාර්‍ය තේනුවර ඔහුගේ හැදුනුම් පත් හා ගමන් බලපත් වලට අදාලව පරීක්ෂන වාර්තාද මා හොදින් හැදෑරුවා.මගේ නිගමනය ඔහුට ජනාධිපතිවරණයකට තරග කිරීමේ අයිතියක් නැතිබවය


තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැදුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍රය ප්‍රශ්නය ගත්තත් ඔහු සිදුකර තිබෙන වැරදි ඉතාම බරපතලයි. ඔහු පුරවැසි නීති උල්ලංඝණය කර තිබෙනවා.ආගමන ව්ගමන නීති උල්ලංඝණය කර තිබෙනවා.කූට ලේඛන සකස් කර තිබෙන බව පැහැදිලිව පෙනෙනවා.


ඔහු පරන හැදුනුම්පත ලබාගෙන තිබෙන්න 1976 දෙසැම්බර් 21වනදා. එහි අංකය 491724021v යි. විදේශ ගමන් බලපත් අංකය n5384975. ඔහුට ඇමරිකන් පුරවැසිභාවය ලැබී තිබෙන්නේ 2003 ජනවාරි 31 වනදා.

පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙකුගේ ලංකාවේ. පුරවැසිභාවය ස්වයංක්‍රිය ලෙස අහිමිවනවා.2005 ජනාධිපති මැතිවරණයේදී ඔහු ලංකාවට පැමින තිබෙන්නෙ ඇමරිකන් පුරවැසියෙකු ලෙස තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් යටතේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරයට තේරී තෙරිපත්වන්නේ 2005 නොවැම්බර් 18 වන සිකුරාදාය. ගෝඨාභයට ද්වීත්ව පුරවැසි බාවය ලබාදී තිබෙන්නේ නොවැම්බර් 21 වන සදුදාය.සීග්‍රගාමී වේගයකින් ඒ දේ සිදුවී තිබෙන්නේ විෂයබාර ඇමතිවරයෙකු පවා පත්නොකර තිබූ අවස්තාවකදීය. ද්වීත්ව පුරවැසිබාවය සදහා ඉදිරිපත්කල අයදුම් පතේ ගෝඨාභය තමන් හදුන්වා ගෙන ඇත්තේ පරිගණක ඉංජිනේරුවරයෙකු වශයෙනි.ඒ නිසා එම අයදුම්පත සැලකිය හැක්කේ බොරු තොරතුරු ඇතුලත් කුඨ ලේඛනයක් වශයෙනි.

ඔහු අලුත් ජාතික හැදුනුම්පත (194917210010) ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසි බාවය තිබියදීය .නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017, 2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරණ නාම ලේඛනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලංගු පරණ හැදුනුම්පත යොදාගෙනය. එයද චේතනාන්විතව කරන ලද බරපතල වරදක් ලෙස සැලකිය හැකිය. ගෝටා තමන්ගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය (n 192600594) ලබාගෙන තිබෙන්නේද ඇමරිකන් පුරවැසිබාවය තිබිය දීය .ඒ සියල්ල බරපතල වැරදි වන අතර චේතනාන්විත්ව කර තිබෙන වැරදි වශයෙන් මිස නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය

නීතිය ක්‍රියාතමක වීමේදී ගෝටා සම්බන්දයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරාවිද යන්න කිවනොහැකිය. නීතියට අනුව නම් ඔහුට ජනාදිප්තිවරනයට තරග කල නොහැකිය.ඒ බරපතල වැරදි වෙනුවෙන් සිරදඩුවම් හිමිවීමද නොවැලැක් විය හැකිය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *