දැන් UNPකාරයන්ට තියෙන්නේ අනිත් අයව හරව ගන්න එක – රනිල්

දේශපාලනඥයින්ට ගැති නොවී අභිවෘද්ධිය කරා යෑමේ තරුණ අපේක්ෂා මුදුන්පත් කිරීම සඳහා තරුණ අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පක්ෂයේ සංවිධායකවරුන් සමඟ අද(30) පැවැත්වූ හමුවකදීයී.

එක්සත් ජාතික පක්ෂයේ සියලු සංවිධායකවරුන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබුණි.

මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ,එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද සහභාගි විය.

මීට අමතරව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඊට එක්විය.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවත් එහි ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳවත් මෙහිදී  සංවිධායකවරුන් දැනුවත් කර තිබේ.

අනතුරුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් ද පැවැත්විය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, අද රටේ සිටින අලුත් තරුණ පරපුර බලාපොරොත්තු වන්නේ හොඳ සමාජයක් බවයි.

මන්ත්‍රීවරයෙක් ළඟට නොගිහින් තමන්ගේ ප්‍රශ්න විසඳා ගත හැකි සමාජයක් බවත් පැවසු අගමැතිවරයා, තමන්ටත් තමන්ගේ පවුලේ අයටත් හොඳින් ජීවත් විය හැකි මෙම සමාජය අපිට ලබා දීමට ඇති බවත් පැවසීය.

ඒ කරුණු මතකයේ තබා ගෙන ඡන්දයට යන බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, මැතිවරණය කණ්ඩායම් දෙකින් ජයග්‍රහණය කරන බවත් කියා සිටියේය.

රැස්වීම්වලට එන , ගෙයින් ගෙට යන මහන්සි වෙන අය අමතක කරන බවත් පැවසු ඒ මහතා, අද ඔවුන්ටත් පණිවිඩයක් ලබා දිය යුතුව ඇතැයි ද පැවසීය.

තමාට අගමැතිකම නැති කරන මොහොතේ එය නැවත ලබා දීමට පාක්ෂිකයින් කැපවී කටයුතු කළ බවත් පැවසු වික්‍රමසිංහ මහතා, මෙයින් එහාට නව ලංකාවක් නිර්මාණය කිරීමට යන බවත් කියා සිටියේය.

ඒ සටන සඳහා සියලු දෙනා එක්ව යා යුතු බවත් පැවසු අගමැතිවරයා, ඒ වෙනුවෙන් තරුණ ඇමති කෙනෙක් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කර ඇතැයි ද පැවසීය.

ඔහුගේ දක්ෂකම දන්නා බවත් පැවසු අගමැතිවරයා, ඔහුගේ පියා වශයෙන් ප්‍රේමදාස මහතා සිදුකල මෙහෙවරද මෙහිදී මතකයට නැගීය.

“අපි ඔක්කෝම යුඇන්පී කාරයෝ එකතු වෙලා කථා කරපු කාලය ඉවරයි“ යනුවෙන් පැවසු අගමැතිවරයා, දැන් තියෙන්නේ බැහැලා ගිහින් අනෙක් අයව හරවා ගැනීම බවද සඳහන් කළේය.

ඡන්දයට එන්නේ නෑ යනුවෙන් පවසන අය ඡන්දයට ඉදිරිපත් කිරීමට පෙළඹිය යුතු බවත් පැවසු අගමැතිවරයා, ඒ වැඩටික කර ගැනීමෙන් ජයග්‍රහණය කරා යා හැකි බවත් පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *