මෛත්‍රීගේ චන්ද ඉල්ලන්න රාජපක්ෂ තුන් කට්ටුවම යයි

මහින්ද රාජපක්ෂ , ගොටාභය රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ යන රාජපක්ෂ තුන් කට්ටුවම ඊයේ (28දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්චා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගොටාභය රාජපක්ෂ මහතාට ලබාගැනීමටය . එජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවීමත් සමග ලහි ලහියේ මෙම හමුවීම සිදුව තිබේ .

පොහොට්ටුව ලකුණ වෙනුවට පොදු ලකුණක් යොදාගැනීම ඇතුළු කොන්දේසි ගණනාවක් තම සහය දීම සදහා ඉටුවිය යුතු බව මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පවසා තිබේ .

රාජපක්ෂ තුන් කට්ටුව ආපසු පැමිණ ඇත්තේ අවසන් තීරණයකින් තොරවය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *