“රනිල් කියන්නෙ ගල් ආඳෙක්; මංගල කුමන්ත්‍රණ මාරයෙක්..” සජිත්ගේ අපේක්ෂකත්වය ගැන මහින්ද රාජපක්ෂ හෙළි කළ රහසක්..!

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් සිදු වූ කතාබහක දී මහින්ද රාජපක්ෂ මහතා ඉතා වැදගත් හෙළිදරව්වක් කර ඇති බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය අනාවරණය කරයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ නිවසේ දී ඔහුගේ පුද්ගලික මිතුරන් පිරිසක් සමග පසුගියදා රාජපක්ෂ මහතා මෙසේ පවසා තිබේ. 

“මං ඔ්ක කල් ඇතිවම කිව්වා. ඒත් බැසිල්ලා ගෝඨලා ගණන් ගත්තේ නෑ. එයාලා හිතාගෙන හිටියේ යූඇන්පී එක පහට කැඩෙයි කියලා. මට ගණන් හදලත් පෙන්නුවා කැඩෙන හැටි. රනිල් කියන්නේ ගල් ආඳෙක්. අනික් මිනිහා මංගල. කුමන්ත්‍රණ මාරයා. මේ දෙන්න එකතු වෙලා සජිත්වත් අන්දගෙන නටපු නාඩගමට අපේ ඈයොත් අහුවුනා. කිලී මහාරාජත් අහුවුනා. රටම අහුවුනා. වෙන එකක් තියා අර දුප්පතා කබීරුත් අහුවුනා. කිලී කොච්චර අහුවුනාද කියනවා නම් බ්රේකිං නිව්ස් එක ගහන්නෙත් නැතිව බලාගෙන හිටියා. මේක සජියා දැන ගෙන හිටියේ නෑ. මිනිහා ඔහේ පාවෙලා ගියා විතරයි. ජනාධිපතිවරණෙට සජිත්ව දාන්න රනිල් කල් ඇතිවම තීරණය කරලා තමයි මෝදි ආ වෙලාවෙ ඒ එක දවසට සජිත්ව පරිවාර ඇමැති කළේ. ඔන්න බලන්න මිනිහා වැඩේ පටන් ගත්තෙ එතැනින්. ඒ වෙලාවෙදි අපේ එවුන් ගහපු අතේ රෝලට අපේ එවුන්ම රැවටිලා හිටියෙ. අපි ගෝඨව නම් කළාට පස්සෙ මිනිහා සජිත්ගෙ නාටකේ ඉස්සරහට දානවා. ගෝඨගෙ කැම්පේන් එක වෙනුවට තනිකරම මීඩියා වල හෙඩ් ලයින් අල්ලගත්තෙ රනිල්ද සජිත්ද කරුද කියන එක. හැමෝටම ගෝඨව අමතකම වුනා. මේ යකා ජනාධිපතිවරණ ගැසට් එක නිකුත් වෙන තුරුම මේක ඇදගෙන ගියානෙ. ඒ මදිවට රට පුරා රැස්වීම් තියලා අර කළකිරිල පැත්ත වැටිලා හිටිය යූඇන්පී කාරයන්වත් පණ ගහල එළියට ගත්ත. අන්තිමට මොකද වුනේ? සජිත් ජනාධිපති අපේක්ෂකකම දිනාගෙන ආව වගේ සත පහක් වියදම් නොකර ලොකු බූස්ට් එකක් දීල අපේක්ෂකයා නම් කළා. යූඇන්පිය ඇතුලෙ ඔච්චර ලොකු ගෝරියක් තිබුන නම් වර්කින් කොමිටියෙ එකෙක්වත් වචනයක් කතා කළාද? නෑනේ. අපේ කට්ටිය බලාගෙන හිටියෙ යූඇන්පිය කැඩෙනකම්. අර එළුව පස්සෙ ගිය නරි වගේ. මේ වැඩෙන් වුනේ තිබුණු යූඇන්පී කෑලිත් එකට එකතු වෙච්ච එක. හොඳම උදාහරණෙ තමයි තිස්ස. අන්න දැන් මිනිහා ආපහු ගිහින් සජිත්ට හෝ ගාලා වැඩ. මම කී පාරක් හැදුවද ඔය පක්ෂෙ කඩන්න. මට බැරිවුනු එකේ මේ බක පණ්ඩිතයන්ට පුළුවන්ද? හොඳ වැඩේ අපේ ඈයොන්ට.” කියමින් රාජපක්ෂ මහතා තම හිතවතුන්ට දේශපාලන පාඩමක් කියා දී ඇත.

(ලංකා ඊ නිව්ස් -2019.සැප්.28, පෙ.ව.6.40)

—————————

Leave a Reply

Your email address will not be published. Required fields are marked *