තොන්ඩමන් යහපාලනයේ ඇමතිකමක් ඉල්ලයි

imagesලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අරුමුගම් තොන්ඩමන් මහතා ද යහපාලන ආණ්ඩුවේ ඇමැති තනතුරක් ඉල්ලා ඇති බවත් ඒ සදහා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හමුවී සාකච්චා පවත්වා ඇති බවත් වාර්තා වෙයි . එසේ වුවද , ඔහුට ඇමැති දුරයක් ලබාදීමට නායකයින් දෙදෙනා තවම එකගවී නැති බවද දැනගන්නට ඇත .

තොන්ඩමන් මහතාට ඇමැති දුරයක් දීමට වතුකරයේ ඔහුගේ ප්‍රතිවාදිය වන පලනී දිගම්බරම් මහතා විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වීය . තොන්ඩමන් මහතා පසුගිය ජනාධිපති වරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආධාර කරද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන්  මැතිවරණ ක්‍රියාවලියේ යෙදුනේ දිගම්බරම් මහතාගේ කණ්ඩායමයි .එහිදී දෙපාර්ශවය අතර බරපතළ ගැටුම් අතිවීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *