|

බැංකු පොලී අඩුකරන්න මහ බැංකුව නියෝග කරයි

බැංකුවලින් ලබාගන්නා ණය සඳහා අයකරන පොලිය සියයට දෙකකින් (2%) අඩුකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු බැංකුවලට නියෝග කොට ඇත. එමෙන්ම ණය පත් සඳහා උපරිම පොලිය සියයට 28ක් (28%) විය යුතු බවටත් බැංකු අයිරා සඳහා උපරිම පොලිය සියයට 24ක් (24%) විය යුතු බවටත් මහ බැංකුව නියෝග කොට ඇත.

මෙම පොලී අඩුකිරීම ඔක්තෝබර් 15දා සිට ක්‍රියාත්මක කළ යුතු බව ද මහ බැංකුව සියලු බැංකු වෙත දැනුම් දී තිබේ.

බැංකු පොලී අඩුකිරීමට මීට පෙර ද මහ බැංකුව උපදෙස් දී තිබිණි. ඒ අනුව පොලී අඩුකිරීමට බැංකු කටයුතු නොකළ නිසා මෙම නියෝගය මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *