නීතිපතිට පැනයන්න ඉඩදී තොරතුරු පනත අනුමතයි !

තොරතුරු දැනගැනීමේ පනතට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනද එමගින් තොරතුරු ලබාදීමේ බැදීමෙන් නීතිපති දෙපාර්තමේන්තුව නිදහස් කොට ඇති බවත් , එයට සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අප්‍රසාදය ප්‍රකාශ වී ඇති බවත් දැනගන්නට ඇත .

තම ආයතනය තොරතුරු ලබාදීමේ වගකීමෙන් නිදහස් කරන ලෙස නීතිපතිවරයා ඉල්ලීමක් කළ බවත් එයට ආණ්ඩුවේ බලධාරීන්ගේ අනුමැතිය හිමිවී ඇති බවත් කියති . සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ මතය වී ඇත්තේ නීතිපති දෙපාර්තුමේන්තුවේ ඇතැම් ක්‍රියා පිළිබද බරපතළ ප්‍රශ්න ඇති නිසා එයද තොරතුරු ලබාදීමේ බැදීමට යටත් කළ යුතු බවයි .එසේ නොකිරීමෙන් නීතිපති දෙපාර්තමේන්තුවට හිතුමතේ කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *